
(පාලිත ආරියවංශ )
පාසල් බසය නොමැති නිසා පමාවී පාසල් පැමිණි බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසු සිසුවියන් පිරිසක් උදෑසන රැස්වීම අවසන් වන තෙක් පාසලෙන් පිටත මහ පාරේ රඳවා සිටින අයුරු අප වාර්තා කාරුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ නිසි පරිදි ධාවනය නොවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන්ට හා ගුරුවරු නියමිත වේලාවට පාසල් වෙත ඒමට නොහැකිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ නගරබද පාසල් කීපයකම මේ තත්වය ඇතිවී තිබෙන බව ඌව පළාත් අධ්‍යාපන බලධාරියෙක් පැවසීය.
බස්රථ රියදුරන් කීපදෙනෙම පැවසුවේ තම බස්රථවලට ඉන්ධන ලබාගැනීම සදහා දින ගනන් ඉන්ධන පෝලිමේ රැදීසිටීමට සිදුවීම නිසා ගම්බද ප්‍රදේශවල සිට නගරබද පාසල්වලට එන සිසුන් හා ගුරුවරු සදහා වෙනදා මෙන් ප්‍රවාහන පහසුකම් ලබාදීමට නොහැකි වී ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පාලනය කරන දෙශපලූවන් හා සමහර පාසල් වල ඉන්න මිහරක් වැනි විදුහල්පති තනතුරු දරන හරක් දන්නේ නෑ රටේ තත්වය ගැන
මමත් උසස් පෙළ කාලයේ ගියේ ගෙදර සිට කිලෝමීටර් හයක් පමණ දුර පාසැලකට සමහර සමහර දවසක පාරේ තිබුන එකම බසය හමුවෙනවා නැති දවසට පයින්ම යනවා දවසෙම පයින්ම යන්න තිබෙන දවස් වැඩියි මේ අපහසුව නිසා අපිට කැම්පස් යන්න බැරිවුණා නමුත් අපිට හිටපු විදුහල්පති උත්තමයා ජේ.පී.පී ජයවීර මැතිතුමා අපට කිසිදාක ඔහොම කලේ නැහැ (එතුමාට නිවන්සැප ලැබේවා ) අපේ සහනයෙන් පාසැලට ආසන්න සමහරක් අයත් අයුතු ප්‍රයෝජන ගත්තා.
විදුහල්පති ගේ මේ අසංවර ක්‍රියාවට විරුද්ධව පියවරක් ගැනීමට බලදාරීන් කටයුතු කලයුතුය.
මේ විදුහලේ විදුහල්පති ලංකාවේ කෙනෙක් නෙවෙයිද. අද තියෙන තත්වය අනුව මේ ලමයි ආපු එකම ලොකු දෙයක් කියල හිතන්න මොලයක් නැති කමද නැත්නම් මේක මේ බොරු විනය පෙන්වීමක්ද. කියන්න වචන තියෙනව ඒත් මේකෙ ලියන්න බැහැ.
තේරුම්ගන්න බැරිද මේ රටේ අද තියෙන ප්‍රායෝගික තත්වය.
විදුහල්පතිවරයා රටේ ගමනාගමන තත්ත්වය තේරුම් ගත යුතුයි
ලංකාව කවදා ගොඩ යන්න ද?
කියන්නකො බලන්න මොකටද අදහස් එවන්න කියන්නෙ කියලා
ඒ ළමයි මොනවා කරන්නද .පාරේ හිටවලා තියන්නේ නැතිව පාසලට ඇතුලත් කරගන්න .අහිංසක ළමයි
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය තමයි ඔය ප්‍රධාන පාසල...
අර උන්නැහේගේ මොලේ කළඳක් නැහැ.
ළමයින්ට විනය පිළිබඳ පාඩම ඉස්කොලෙන් ලැබිය යුතුයි. නමුත් ඕවායේ තියෙන තත්වය තේරුම් ගෙන ඇතුල් කරගත්තා නම් තමයි හොඳ.... ළමයින්ගේ වැරැද්දක් නොවන හින්දා...