
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 2,800 ක් වැය කරමින් ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් 2023 වසරේදී අවසන් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කොළඹ වාණිජ නගරයට ප්‍රවේශවීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථිර පිළියම් ලෙස කිලෝමීටර 5.3 කින් යුත් කුළුණු මතින් ඉදිරිකරන මෙම අධිවේගී මාර්ගය පරිසර හිතකාමීව කුළුණු මතින් ඉදිකිරීම වඩාත් සුවිශේෂි වෙයි.
මංතීරු 4 කින් යුත් මෙම මාර්ගය මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාර්යේ අධීක්ෂණය යටතේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව ඉදිකරයි.
පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම, අලුත් මාවතේ පිවිසුම, ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම මෙන්ම ඉඟුරුකඩේ මංසන්ධිය අසල පිවිසුමේදී මෙම මාර්ගය වරාය පිවිසුම් අධිවේගී මාර්ගය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගයට ද සම්බන්ධ වේ. මෙම අධිවේගී මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ද වේ.
එම මාර්ගයේ ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහා මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තොරතුරු හෙළිවිය.
එම ප්‍රගති සමාලෝචන රැස්වීමට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්, වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි සහ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10% කැපිල්ල කාටද
ඉතා හොඳ ආයෝජනයක්...!
මොන බම්බුවටද මේවා ඉදි කරන්නේ? මේවා උඩින් පෙලපාලි යන ගමන් ජෙප්පෝ ඔහෙලාට බනීවි. සජබයින් මේ පාරේ යන ගමන් ඔහෙලාට බනීවි...
මේ වෙලාවේ න්‍යෂ්ටික බලාගාරයක් හදලා රටට අනාගතේ බොරතෙල් හිඟයකදී හරි අවශ්‍ය කරන විදුලිය ලබාගන්න ව්‍යාපෘතියක් කරන්න. ඡන්ද බලාගෙන පාරවල් හැදුවාට වැඩක් නැහැ. ඒ වගේ යන්න වාහන ඕන. ඡන්ද පොරොන්දු නිසා වැටුණු මේ රට ගොඩගන්න උත්සාහ කරන්න. දුප්පත්කම විකුණන් කන්න එපා. රටේ අනාගතේ ගැන හිතන්න පලකයින් මිසක්, තෑගි පප්පලාගෙන් මේ රටට ඵලක් නැහැ. ඒකාධිපති පාලනයක් ගොඩ නගමු.. අපේ සම්පත් ප්‍රයෝජනයට ගනිමු.
අපි කොච්චර කෑගැහුවත් වැඩක් නැහැනේ... එතනෝල් කාරයාගේ අත පාවිච්චි කරලා ගාන කපාගන්න.. ඊට උඩින් ඉන්න අයගේ බිස්නස් ප්‍රතිලාභ අත අරිනවද රටට මොනවා වුණත්..? කිරිබත් කාලා බලය දුන්නේ ඒකටනේ...