
(කාංචන කුමාර ආරියදාස)
ගොවි පරපුරට පින් අනුමෝදන් කිරීම සඳහා කිරිවදින අක්කර දෙකහමාරක සාර්ථක වී වගාවක් කිරි ගවයන්ට දන්දීමේ අපූරු පුවතක් ගලේවෙල දේවහුව කොස්ගගහින්න ප්‍රදේශයෙන් අද දින වාර්තා විය.
ගලේවෙල නගරයේ ව්‍යාපාරිකයෙක් වූ සනත් බණ්ඩාර මහතා ඇතුළු ගමේ ගොවි මහතුන් එක්ව ඒ මහතාගේ අක්කර දෙකහමාරක් වූ කුඹුරු වගාකොට ඇත්තේ කිරි එළ එළදෙනුන්ට දානය පිණිස වීම විශේෂත්වයකි.
ඒ අනුව උදෑසන මහා සංඝරත්නය එම ස්ථානයට වඩමවා මියගිය සමස්ත ගොවීන්ට කුඹුරු අස්වැද්දු අතීත මුතුන් මිත්තන්ට මාපියවරුන්ට අනුමෝදන් කරමින් ප්‍රදේශයේ සිටින කිරි දෙනුන් එම ස්ථානයට ගෙන්වා කුඹුර සත්ව දානයක් ලෙස ලබාදීමට පිරිස කටයුතු කළහ.
මුලින්ම භික්ෂූන් වහන්සේ කුඹුරට බැස පළමු අස්වැන්න නෙලා එම ස්ථානයේ රැගෙන විත් සිටි කිරි දෙනෙකුට කන්නට සැලැස්වීම සිදුකළහ.පසුව පිරිස් එම ස්ථානයට ගෙනැවිත් සිටි කිරි හරකුන්ට අක්කර දෙකහමාරක ඉතා සාර්ථක කුඹුර ආහාර සඳහා වෙන් කිරීම් සිදු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සෙක්
ඉන්දියාවේ මිනිස්සු හරරකාට ගව්රවයක් වශයෙන් උගේ මුත්‍ර බොනව.එවගේම මුත්‍රවලින් මුහුණු දොවා ගන්නව. මේ යනවිදිහට ඉදිරියේදි ලංකාවෙත් එහෙම වේවි.
මේ දානය ලෑස්ති කරපු අය තමයි නියම ගවයින්... රටේ මිනිස්සුන්ට කන්න නෑ.
මේ වගේ මී ගවයින් සිටින කල් රටක් දියුනු වෙයිද? වී ටික හරක්ට දීලා දැන් ඉතින් දරු පවුලම වල් කාලා පුන්නක්කු බොන්න.
සමස්‌ත ගොවි පරපුරට ආඩම්බරයක්, ගෞරවයක් ඔබ කලේ "සමහරක්" රටට බත සපයන කෙතට ගිනිතබන කොට මෙවන් උතුම් මිනිසුන් සියලු සතහට සෙත පිණිස දානයක් දීම කෙතරම් අගනේද?
ගවයන්ට කන්න දෙන්න තණකොළ තිබුනේම නැද්ද? සමහරවිට සරුවට වැවුණු බොල් වී වෙන්න පුළුවන්... කොහොමත් ඉතින් බත්කන හරක් වැඩිපුර ඉන්න රටේ සරුවට වැවුණු වී ටිකක් ගවයින්ට කන්න දුන්නාම ඒකේ වැරැද්දකුත් නැහැ. අනික ඉතින් දෙගොල්ලන් අතර මහා ලොකු වෙනසකුත් නැහැනේ...
මේවා පිං වැඩ නෙවෙයි. මෝඩකම්...!
අන්ධ භක්තියෙන් ඕවා කරන්න එපා. කන්න නැති මිනිස්සු සෑහෙන්න ඉන්නවා. හරක් කන්නේ තණකොළ, පුන්නක්කු...
‘‘චේතනා හං භික්ඛවේ කම්මං වදාමි..‘‘ ගොයම අසාරථක වූ නිසා හරකුන්ට කෑමට දුන්නා. මේකයි ඇත්ත...
යකාගේ හැටියටලු විමානේ... බුදුන්ගේ කාලේවත් මෙහෙම පින්කම් තියෙන්න නැතිව ඇති.. කුඹුර හරකට දීලා හාල් ටික බුරුමෙන් ගෙන්නමු..
මේ මහත්මයාගේ සත්ක්‍රියාව මුළු රටටම ආදර්ශයක්..!
මේ පිංවත් මහත්මයා අසරණ ගවයන් උදෙසා දායානුකම්පාවෙන් දෙන ලද මෙම දානය ඉතා සතුටු සිතින් අනුමෝදන් වෙමි ! අනුමෝදන් වෙමි !! අනුමෝදන් වෙමි!!!
අතුරුපසට අර පොල්පැළ ටිකත් කන්න දුන්නා නම් දානෙ සම්පූර්ණයි.
පහුගිය දවස්වල මේකෙ ඇදපු අර කන්න නැති සෙට් එකට දුන්නා නම් මීට වඩා පිනක්...
පොහොට්ටුවට ඡන්දෙ දුන්න අයට දුන්නත් මේ පිනම ලැබෙයි. එතකොට ඒ අය පුන්නක්කු කන එක ටිකකට පැත්තක තියලා බත්කටක් කයි. මේ ඇත්තටම බෞද්ධ දර්ශනයද?
හොඳයි, හොඳයි... කොහොම වුණත් අපේම අයටනේ ගොයම කවලා තියෙන්නේ...
ඔය වගේම වැඩක් තමා 2019 රටම කළේ...
නාඩගම්කාරයෝ එකේ ලොකුහාමුදුරුවෝ මෙතන සිටියානම් මේ විනාශය නතර කරගන්න තිබුනා. මෙයට සහාභාගි උන සියලු දෙන බත් කන හරක්.
මේ මොන ධර්මයකට අනුවද? මෙය කාලයට ගැලපෙනවාද?