
(ශාන්ත රත්නායක)
අධිකරණයට අපහාස කිරීමේ චෝදාන මත දැනට සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් හා සිවිල් සංවිධාන සාමාජාකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී කේක් කපා සැමරූහ.
අනතුරුව ඔවුන් හිටපු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චොප්පේටත් සෙනඟ හිටපු රටේ අල්පොන්සෝට ඉන්න එක අහන්න ඕනේයැ... කේක් තව අවුරුදු කීයක් කපන්න වේවිද?
රංජන් රාමනායක මහතාණෙනි, ඉතින් ඔබට සුබ උපන් දිනයක් වේවා...!!!
මේ තව සෙට් එකක්... වෙන වැඩ නැද්ද මේ මිනිස්සුන්ට...?
වැරදි කරන අය අසරණයි. තම තමන් සිතන කියන කරන සියල්ලක්ම බූමරංගයක් මෙන්, පාරාවලල්ලක් මෙන් තම තමන්ටම කර්ම වී තම තමන්ගේ සිත් විවිධාකාරයෙන් අපහසුතාවයට පත්වීමට මග පෑදෙන බව නොදන්නා නිසාමයි... නොදැනුවත්කමින් බොහෝදෙනා වැරදි කරන්නේ... බුදුදහමේ පෙන්නලා දීලා තියෙන්නේ වරද මරලා පුද්ගලයා ඉතිරිකරන ක්‍රමවේදයක්... ඕනෑම කෙනෙකුගේ සිත ප්‍රායෝගිකව පිරිසිදු කිරීමෙන් පසු නිවැරදි අවංක, විශ්වාසවන්ත හරි වැරදි, හොඳ නරක තේරෙන, ගුණ යහපත්කමෙන් පිරුණු, සත්පුරුෂයකු බවට පත්කළ හැකියි. තෙරුවන් සරණයි ! සුවපත්වේවා "
කෝ අර හඬපටයේ කියවුණු කට්ටිය මෙතන නැහැනේ. ඒ ගොල්ලන්ට මෙයාව බේරාගන්න ඕනේ නැද්ද?
හිරකාරයින්ට මෙවන් නිදහසක් තිබෙනවද? පුදුමයි ඒත් ඇත්තයි.