එන්නත් කෝටි තුනක් ගෙනල්ලා වර්ග පහකට අයත් එන්නත් මාත්‍රා කෝටි තුනක් මෙරටට මෙතෙක් ලැබී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 28 September 2021
තණකොළ මැෂිමට අසු වූ සිඟිත්තා මරුට පල්ලම සේරුකැලේ ප්‍රදේශයේ අවුරුදු තුනහමාරක දරු සිඟිත්තකු ට්‍රැක්ටරයකට යටවි එහි තණ කොළ කපන යන්ත්‍රයකට අසුවී මිය ගොස් ඇතැයි පල්ලම පොලිසිය කියයි. 28 September 2021
කෝටියක මත් කුඩු සමග රිවෝල්වරයක් අල්ලයි මතුගම යටදොල වත්ත රන්දිල වත්ත ප්‍රදේශයේ ඉඳිකරමින් පවතින දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා හොරයින් මත් කුඩු ,අයිස් මත්ද්‍රව්‍ය හා රිවෝල්වරය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 28 September 2021
අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 September 2021
යාළුවාගේ බිරියට නිල් දසුනක් යැවූ පො.කොගේ වැඩ තහනම් මිතුරු පොලිස් කොස්තාපල්වරයාගේ බිරියගේ ජංගම දුරකතනයට වැට්ස්ඇප් හරහා අසැබි දසුනක් යැවූ බව කියන අධිවේගි මාර්ගයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් උසස් නිලධාරයෙක් පැවැසීය. 28 September 2021
‘‘ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් වැඩ කළ යුතුයි‘‘ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන්නැයි තමන් නෝර්වේජියාවේ නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව කම්සි ගුනරත්නම් මහත්මිය පවසයි. 28 September 2021
මිතුරන් අතින් ඝාතනය වූ කෝටිපතියාගේ සිරුර සොයන්න සැලසුම් රුපියල් කෝටි 100කට ආසන්න දේපළ ලබාගැනීමේ අරමුණීන් මිතුරන් දෙදෙනකු අතින් ඝාතනය කෙරුණු බව කියන හලාවත කෝටිපති ව්‍යාපාරික ඉංජිනේරුවරයාගේ මළ සිරුර සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් හලාවත කළපුවේ ලබන සතියේදී සෝදිසි මෙහෙයුම් අරඹන බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව පවසයි. 27 September 2021
හාල් මිල පාලන ගැසට්ටුව ඉවතට සහල් තොග සහ සිල්ලර සඳහා උපරිම මිලක් පනවා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමටත් සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් අද පැවැති කැබිනට් මණ්ඩලයේදි තීරණය වි ඇත. 27 September 2021
රට විවෘත කළ පසු වැඩට යන්නෙ මෙහෙමයි ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත. 27 September 2021
වල් අලි දියබෙදුමේ ගමක් වනසති ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියබෙදුම,පහේ කණුව ගම්මානයට කඩා වැදුණු වල් අලි රංචුවක් නිවෙසකට සහ ගෙවතු වගාවලට හානි සිදුකර ඇතැයි ගම්වාසීහු අද පැවැසූහ. 27 September 2021
මුස්ලිම් සිසුවාට බුද්ධ ධර්මය ඇතුළු විෂයන් නවයට ‘‘ඒ‘‘ සාමාර්ථ මෙවර පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මය, සිංහල ඇතුළු විෂයන් නවයටම ‘‘ඒ‘‘ සමාර්ථ ලබාගැනීමට අලුත්ගම දර්ගා නගරය ලොටස් පාරේ පදිංචි මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාශ් සිසුවා සමත් විය. 27 September 2021
ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ, ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන මධ්‍ය වාමාංශික සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය සමත් විය. 27 September 2021
වාහන අමතර කොටස් ලෙස ගෙනා රත්තරන් පන්නන්න බැරි වෙයි වාහන අමතර කොටස් සහ කෝපි සාදන යන්ත්‍රවල කොටස් ලෙස හඟවමින් ඩුබායි සිට ආනයනය කරන ලද පාර්සල් කීපයක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි 22 ක් පමණ වටිනා රත්තරන් කිලෝ 16 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහූ අද (27) සමත් වූහ. 27 September 2021
හැඩට වැඩට රැවුල කැපුවොත් බලාගෙනයි රැවුල් කැපීම හෝ හැඩ කිරීම සම්පූර්ණයෙන් තහනම් බව ඇෆ්ගන් තලේබාන්වරුන්, එරට කරණවෑමීන්ට නියෝග කර තිබේ. 27 September 2021
ගුවන්තොටුපලේදී වීසා නොලැබෙන රටවල් අතරින් ඊජිප්තුව ඉවත් කරන්නැයි ඉල්ලයි ශ්‍රී ලංකාවට සංචාරය සදහා පැමිණිවිට ගුවන්තොටුපලේදී වීසා පහසුකම් නොලැබෙන (on arrivel visa) නොලැබෙන රටවල් 07 අතරට ඊජිප්තු අයත් වන බවත් , එය ඉවත් කර ගන්නැයි ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති හුසේන් එල් ෂහාර්ටි මහතා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත 27 September 2021
දියවන්නාවේ තෙල් පැල්ලම හේතුව අනාවරණය වෙයි දියවන්නා ඔයෙහි රාජගිරිය බුත්ගමුව පාලම අසල ප්‍රදේශයේ දක්නට ලැබුණු තෙල් තට්ටුවට හේතුව බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් ඇල්ගී/ බැක්ටීරියා වර්ධනය වීම බව ඒ පිළිබඳ සෙවීමට පත්කළ කණ්ඩායම සිය වාර්තාවෙහි සඳහන් කර ඇත. 27 September 2021
සෑම දරුවකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් ? දරුවන්ගේ අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සදහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 27 September 2021
ගයානිට බොක්සිං ලෝකඩ පදක්කම රුසියාවේ මොස්කව් නුවරදී පැවැති 58 වැනි ජාත්‍යන්ර හමුදා බොක්සිං ක්‍රීඩා තරගාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 75 බර පන්තිය යටතේ තරග වැදුණු නායක ගුවන් කාන්තා ගයානි කලුආරච්චි ලෝකඩ පදක්කමක් දිනාගත්තාය. 27 September 2021
සා.පෙළ-2020 ප්‍රතිඵල විශ්ලේෂණ අතුරු වාර්තාව අධ්‍යාපන ඇමතිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ-2020 විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණ අතුරු වාර්තාව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විසින් අද (27) අධ්‍යාපන ඇමතිවරයාට බාරදෙනු ලැබීය. 27 September 2021
යොහානිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සුභ පැතුම් ’’මැණිකේ මගේ’’ ගීතය ගායනා කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම රැගෙන ගිය යොවුන් පරපුරේ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සුබ පැතුම් පිරිනමන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි. 27 September 2021
කළුතර බන්ධනාගාරයට තවත් තහනම් ද්‍රව්‍ය පාර්සලයක් කළුතර බන්ධනාගාරයේ ’ඩී’ අංශයට පිටතින් විසිකළ පාර්සලයක තිබී තහනම් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 27 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 715ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 715 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 September 2021
“වයස 30ට වැඩි සියයට 52.3කට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබාදී අවසන්’’ වයස 30ට වැඩි ජනගහනයෙන් සියයට 52.3කට කොරෝනා දෙවෙනි එන්නත් මාත්‍රාව අද (27) වනවිට ලබාදී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 27 September 2021
කොළඹ මහ නගර සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවයක සංචරණ සීමා හේතුවෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට වියළි ආහාර පාර්සල් ලබාදීමට එම නගර සභාව මගින් යෝජනාවක් සම්මත කරගෙන තිබියදීත් නාගරික කොමසාරිස්වරිය එයට අනුමැතිය ලබා නොදුන්නේ යැයි විරෝධය පා එහි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නගර සභාව ඉදිරිපිට අද (27) විරෝධතාවයක නිරත වූහ. 27 September 2021
තිසර ඇමරිකාවට යන්න සූදානමක් ? ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඇමරිකාවට යෑමට සූදානම් වන බව තමන්ට ද දැනගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය. 27 September 2021
කොවිඩ් මරණ 51ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 51 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 September 2021
කන්ටේනර්වලට නිදහස දෙන්න රේගුව නීතිපති උපදෙස් පතයි රේගුව තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර්වලින් ඒවායේ ආනයනකරුවන් නඩු පවරා ඇති කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයා උපදෙස් ලබාගැනීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 27 September 2021
“මේ වසරේ මාසික අපනයන ඉපැයීම් ඉහළ ගිහින්’’ මේ වසරේ ශ්‍රී ලංකාවේ මාසික අපනයන ඉපැයීම් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 27 September 2021
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ෆයිසර්වලින් තෙවැනි මාත්‍රාවක් ඉල්ලයි රට විවෘත කිරීමේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් වයස අවුරුදු 60ට වැඩි පිරිසට ෆයිසර් එන්නතින් තුන් වැනි මාත්‍රාවක් ලබාදීමට ප්‍රමුඛතාව දෙන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. 27 September 2021
'ශාඛ්‍ය ජනපදය' ජාත්‍යන්තර බෞද්ධ සංචාරක කලාපයක් කරන්න යයි පිළියන්දල කහපොළ ප්‍රදේශයේ අක්කර 78ක භූමියක ඉදිකිරීම් ආරම්භ කර මේ වන විට වල් වැදී විනාශ වෙමින් පවතින ‘ශාඛ්‍ය ජනපදය’ ව්‍යාපෘතියේ ගොඩනැගිලි ද භාවිතා කරමින් එහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පිරිවෙන් මධ්‍යස්ථානයක් ඇතුළත් බෞද්ධ සංචාරක කලාපයක් ඉදිකිරීමට පියවර ගන්නා බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය. 27 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026