
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා රුපියල් මිලියන 517.5 ක් වටිනා ටොන් 3.1 අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මානුෂීය ආධාර ලෙස ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය විදේශ අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (27) හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළාය.
මෙම ආධාර තොගය කණ්ඩ දෙකකින් ලැබීමට නියමිතව ඇති අතර එක් කණ්ඩයක් අද (28) ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ජකර්තා නුවර සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට නියමිතව ඇත.
අනෙක් කණ්ඩය ලබන මස 8 වෙනි දින මෙරටට ගෙන ඒමට නියමිතව ඇත.
විදේශ අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය අතර හමුව විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඊයේ (27) දින පැවැත්විණ.
එහිදී ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය කල ඉල්ලීමකට අනූව මෙම ආධාර තොගය ලබා දෙන බව තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය පැවසුවාය.
ඉල්ලීම සිදු කර දින 10 ක් ඇතුළත මෙම ආධාර තොගය සූදානම් කළ බව තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජාව නැතිද මෝඩ නන්දසේන. අපිට නම් වැඩක් බැ කියල තේරෙනව නම් අහගන්නව. ඒත් අනාගත්ත රජු උද්දච්ච කමට ගොන් තීරණ අරගෙන රට පාවල දෙනව.
රටේ ඉන්න හොරු ටික එළවන්න ශක්තියක් නැතිව ලෝකෙ වටේ හිඟා කකා යනවා.