(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥා අජිත් රෝහණ මහතා අද (28) රාත්‍රී පැවසීය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා කොළඹදී ද, සෙසු පොලිස් කොස්තාපල්වරුන් මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදී ද, අත්අඩංගුවට ගත් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා අදාල සිද්ධියේ අණ දෙනා ලෙස කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥා අජිත් රෝහණ මහතා වැඩි දුරටත් කීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්තඅඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර ඇති බවත් දැනගන්නට තිබේ.
ඉන්ධන නොමැතිවීමේ සිද්ධියක් මුල්කරගෙන ප්‍රදේශවාසීන් පැවැත්වු විරෝධතාවක් අතර තුර වෙඩි ප්‍රහාරයකට ලක්ව මියයාමට අදාලව පසුදිනම කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි බම්බලපිටිය ක්ෂෙත්‍ර බලකා මුලස්ථානයට ස්ථාමරුවීම් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණ්ඩසාලෙට ගියේ කවුරු බලන්නද දන්නේ නැහැ...
පේනවා නේද ලොක්කෝ අසනීප වෙලා බේරෙනවා.. පොඩ්ඩෝ විලංගුවට හිරවෙනවා. මෙය පාඩමක් ලෙස සලකා සැවොම දැන්වත් යථාර්ථය තේරුම් ගෙන රාජකාරිය කරන්න. තම වර්ගයාට ද්‍රෝහි නොවන්න..!.
පුදුම වැඩේ ලංකාවට වුණේ... ලොකු ලොකු අයට නීතිය ක්‍රියාත්මක වෙනකොට ලෙඩවෙනවා. මහ අයගේ කුක්කන්ටත් ඒ ලෙඩේමයි. පුදුමයි අටපට්ටමේ පෙන්නන්නේ නැති එක.