
(යොහාන් භාසුර)
රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ගෑස් සපයන බවත් ඒ අනුව ඉදිරියේදී ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැයීමට තීරණය කර ඇති බවත් ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම තීරණයත් සමඟ දෛනික පැවැති සිලින්ඩර 60,000 ත් 80,000 ත් අතර පැවැති ගෑස් සැපයුම සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කරන බව කී එම නිලධාරියා ගෑස් පාරිභෝගිකයන්ගෙන් සියයට 27 ක් පමණක් ගෑස් පමණක් පාවිච්චි කරන බව ද සඳහන් කළේය.
රටේ මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට නම් මාසිකව ඩොලර් මිලියන 30 ක් අවශ්‍ය වීම නිසා වර්තමාන තත්වය අනුව එවැනි වියදමක් කළ නොහැකි බවත් රට ගොඩගැනීමට නම් සියලු දෙනාට කැපවීම් කළ යුතු බවත් එම නිලධාරියා පැවසීය.
දර ඇතුළු සෙසු ඉන්ධන වර්ග පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත සෙසු ඉන්ධන සඳහා මාරුවීම රට වෙනුවෙන් කළයුතු බව කී එම නිලධාරියා සඳහන් කළේ ජනතාව වර්තමාන තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරයේ ඉන්න මිනිස්සු විතරද කන්නේ... බොන්නේ..? දර ටිකක් කඩාගන්න කැලයට ගියොත් නවතින්නේ උසාවියේ. දැන්නේ මතක් වුණේ දේශපාලුවන්ට කැලේ කපාගන්න ක්‍රමවේදයක්ද?
අපිට තියෙන දෙයක්වත් තම්බාගෙන කන්නවත් දෙන්නේ නෑ වගේ. ගෑස් වලින් විතරක් උයාපිහා ගන්න අයට අබසරණයි...!
නියම තීරණයක්. රටේ සියලුම ජනතාව දර වලට මාරු වුණොත් සෑහෙන විදේශ විනිමයක් ඉතිරි කරගන්න පුළුවන්...!
මෙයා කියන්නේ, එයාලගේ වැරැදිවලට අපිට පව් ගෙවන්න කියලද?
ඔය සමාගම පුද්ගලික අංශයට විකුණන්න. රජය බිස්නස් කරනවා කියන්නේ කලුකඩය ව්‍යාප්ත කිරීම. වැඩබැරි හොරු සෑම රජයකම පත්කිරීම් ලැයිස්තුව බව හොඳට පේනවා.
ගෑස් මිල දෙගුණ කරලත් මනුෂ්‍යයාට අවශ්‍ය ගෑස් ටික දෙන්න බැරිනම් ඔයාලා රැකියාවෙන් අස්වෙලා ගෙදර යන්න. ඩොලර් නැහැ කියලා කියන්න එපා. ගෑස්වලට අවශ්‍ය මුදල් IMF එකෙන් ලැබුණු ණය සහනාධාරේ වෙන් කරලා තිබෙනවා.
අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. නමුත් ඉතින් වැඩකරන මිනිස්සුන්ට තමයි පොලිමේ ඉන්නයි, දර හොයන්නයි ඔක්කෝම... ලොකු තැන්වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෑස් එකත් ළඟටම ලැබෙනවා. කරන්ට් එකත් තියෙනවා. ඉන්ධන ඕනෑ නම් ඒකත් තියෙනවා. සියලු කැපකිරීම් සාමාන්‍ය මනුස්සයාගෙන්... සැපයුම අඩු කරනකොට ඕකෙ ඉන්න නිලධාරින්ට පඩි ගෙවන්නේ කොහොමද? ඒකත් ආපහු පාඩුව අපිටමනේ... පුදුම තීරණ හැබැයි ඔන්න...
නිදහස ලබුණුදා ඉඳන් අවුරුදු 74 ක්ම ජනතාව රට වෙනුවෙන් කැපකරලා සහ කැපකරමින් ඉන්නවා. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නැහැ. 1977 ඉඳන් මේ රටේ ජනතාවගේ කැපවීම් තමයි. නමුත් දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල් සහ ගෝලයන්ගේ නම් එහෙම කැපවීම් වෙලා නම් නැහැ. මේ ගෑස් අර්බුදය ජනතාවගේ වැරැද්ද නොවේ. පාලකයින්ගේ වැරැද්ද...!