‘බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන් ‘ ඉදිරි මැතිවරණයක දී රට ’’කැහි ගෑනි’’ගෙන් ගෙන ’’හොටු ගෑනි’’ ට දී පලක් නැතැයි ද රට ගොඩ ගන්න හැකි බුද්ධිමත් නායකයකුට බාර දුන්නොත් පමණක් ලංකාවාසී ජනතාවට නැවතත් හොඳ කලක් යනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය . 27 September 2021
“රටට එරෙහි කිසිඳු කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ’’ රටට එරෙහිව එල්ල වන කිසිදු බලපෑමකට යටත් නොවී අනන්‍යතාවය තහවුරු කරගනිමින් ස්වාධීනව රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට රජය කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල් පීරිස් මහතා කොලඹදී අද (27) පැවසීය. 27 September 2021
රට පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ කෝවිඩ් අවදානම් දීමනාව නතර කිරීම සහ වෘත්තීය ගැටලුවලට විසඳම් ලබා නොදීමට විරෝධය දක්වමින් හෙද හෙදියන් පිරිසක් රෝහල් ඉදිරිපිට අද (27) දහවල් උද්ඝෝණයක නිරත වූහ. 27 September 2021
ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම වු අයෙක් නිදොස් කොට නිදහස් හෙරොයින් ග්‍රෑම් 9.64 ක් සිය සන්තකයේ තබා ගැනීම සහ වෙළදාම කිරීමේ චෝදනාවන්ට වරදකරුකර කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවී වසර 2කට ආසන්න කාලයක් සිර දඩුවම් ලබමින් සිටි චූදිතයෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කරන ලැබ ඇත. 27 September 2021
බදු ඩොලර්වලින් ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය. 27 September 2021
’’පරීක්ෂණයෙන් පසු ලොහාන් ගැන පියවර ගන්නවා’’ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට මිතුරන් පිරිසක් සමග අයුතු ලෙස ඇතුළුවී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගැනිම එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 27 September 2021
’’ෆයිසර්’’ එන්නත් 30,000ක් මෙරටට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12 ට වැඩි ළමුන් එන්නත්කරණය සදහා යොදා ගැනීමට අවශ්‍ය ’’ෆයිසර්’’ එන්නත් මාත්‍රා 30,000ක් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් විසින් රැගෙන විත් තිබේ. 27 September 2021
ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරික සංගමයෙන් පෙත්සමක් නිරෝධායන නීතියට පටහැනි අයුරින් මත්පැන් හල් විවෘත කිරීමට අවසර දෙන්නේ නම් තම සංගමයේ සාමාජිකයින්ට ද ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට අවසර දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා වෙළද ව්‍යපාරික සංගමය ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 4 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) දින නියම කළේය. 27 September 2021
‘රට විවෘත කරන්න සැළසුම් සුදානම් ‘ රට ලබන පළමු වැනිදා අලුයම හතරට විවෘත කිරීමට හැකි වන පරිදි සියලු කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 27 September 2021
ඩීසල් නොලැබුණොත් ’’ලොක් ඩවුන්’’ දිගු වෙිවි ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 1 වන විට නොලැබුණොත්’’ලොක් ඩවුන්’’ කිරීම ඔක්තෝම්බර් මැද දක්වා දිගු කරන්නට සිදුවනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 27 September 2021
රාජ්‍ය සේවකයන් කැඳවීම ගැන තීරණයට අද විශේෂ සාකච්ඡාවක් රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවය ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු දෙනාගේ එකඟතාව ඇතිව වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව රාජ්‍ය සේවා පළාත් සභා පළාත් හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවැසීය. 27 September 2021
ලිට්රෝ අළෙවි නියෝජිතයෝ ගෑස් සඟවති ගෑස් මිල අද (27) පස්වරුවේ ඉහළ යනු ඇතැයි විශ්වාසය තුළ දිවයින පුරා ලිට්රෝ අළෙවි නියෝජිතයන් ගෑස් අළෙවිසල්වලට ලබාදී ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර එකතු කරමින් සිටින බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. 27 September 2021
වී මිලත් අද වැඩි වෙයිද ගොවීන් මුහුණ දී සිටින වී මිල ප්‍රශ්නයට අද (27) පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැහැදිළි තීරණයක් ගනු ඇතැයි සියලු දෙනා විශ්වාස කරන බව රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙක් පැවසීය. 27 September 2021
‘ආණ්ඩුව මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරනවා ‘ මහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොලොත් බාවයක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 27 September 2021
ඉන්ධන ආනයනයට රජයෙන් ඩොලර් ඉදිරි මාස තුන සඳහා ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් රජය ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. 27 September 2021
නිවසක් මතට ගසක් කඩාවැටී මව-පුතා රෝහලේ බදුල්ල කැන්දගොල්ල නිවසක් මතට ඊයේ මැදියම් රැයේ රූස්ස ටර්පන් ටයින් ගසක් කඩාවැටී නිවසේ නිදාසිටි මව සහ පුතා තුවාල ලබා බදුල්ල සහ කැන්දගොල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ . 27 September 2021
රටපුරා සුව සේවකයෝ පැය පහක වැඩ වර්ජනයක කෝවිඩ් දීමනා සහ සහන කප්පාදුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් නොලැබීම නිසා අද වෘත්තීය ක්‍රියාමාර්ගය දිවයින පුරා රෝහල්වල සාර්ථකව ක්‍රියාත්මක කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 27 September 2021
හිරවූ ආහාර කන්ටේනර්වල නිදහස් කරන්න ඩොලර් මිලියන 15 ක් ඕනෑ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 800 කට අධික ප්‍රමාණය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 15 ක් හෙවත් රුපියල් ලක්ෂ 35,000 කට අධික මුදල් අවශ්‍ය බව ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 27 September 2021
පාරිභෝගික අධිකාරියෙන් අස්වූ තුෂාන්ට තර්ජන පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතාට දුරකතන මාර්ගයෙන් විවිධ තර්ජන එල්ල වෙමින් ඇත. 27 September 2021
ගල්අඟුරු බත්තලක් සුළඟට අසුව ගසාගෙන යයි ලක්විජය ගල් අගුරු බළාගාරය වෙත ගල්අගුරු ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය බත්තලක් අද අලුයම, සැඩ සුළඟට අසුව ඉලන්තඩිය මුහුදු තීරය ආසන්න නොරොච්චෝල ජැටිය වෙත පාවී ගොස් ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි. 27 September 2021
රාජගිරියේ කත ඝාතනය කළ කුඩ්ඩා අල්ලයි නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගිය බව කියන සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව එම ඒකකය පැවසීය. 27 September 2021
දෙවියන්ගේ නාමයෙන් කතකට කැත වැඩක් කළ කපුවා මාට්ටු මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයක ශාන්ති කර්මයක් සිදු කිරීමට පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහා කළ බව කියන කපුවෙකු ගත් බව මාදම්පේ පොලිසිය කියයි. 27 September 2021
රත්නපුරයට සුළු ගංවතුර තත්ත්වයක් වරින්වර කඩා හැලෙන වැසි සමග පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පහකට පළමු අදියරේ නායයාමේ අනතුරු නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 27 September 2021
සංචාරක සිත් ගන්න වාෂ්ප දුම්රිය සේවයක් ශ්‍රි ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ගමන සංකේතවත් කරමින් කොළඹ සිට අඹේපුස්ස දක්වා වාෂ්ප දුම්රියක් යෙදවීමට සැලසුම් කොට ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි 27 September 2021
කිරිපිටි,ගෑස් සිමෙන්ති හිඟයක් කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති දැඩි හිඟයක් රටපුරා පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති. 27 September 2021
පළාත් කීපයකට විටින් විට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 September 2021
යොහානිගේ කළමනාකරණය ඉන්දීය සමාගමකට ‘මැණිකේ මගේ හිතේ’ ප්රතිනිර්මාණ ගීතයත් සමඟ ලොව පුරා දැඩි ප්‍රසිද්ධියක් ලබා සිටින ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ වෘත්තීමය කළමණාකරණ ඉන්දියාවේ මුම්බායිහි පිහිටි නම ගිය කළමණාකරණ සමාගමකට පැවරූ බව ඇයගේ දේශීය කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 27 September 2021
අය වැය පියවන්න කෝටි තුන් ලක්ෂයක ණය ගනී ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි . 26 September 2021
කිරිපිටි,ගෑස් ,තිරිගුපිටි සහ සිමෙන්ති මිල නගී? කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය. 26 September 2021
කොරෝනා වයිරසය ලොවපුරා යන්නේ මෙහෙමයි ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 26 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026