(අජන්ත කුමාර අගලකඩ)

සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා සහාය ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩායම විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ද එම කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අමතරව එජාප නායක රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක,දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන්ට ද ඔවුන් මෙම ලිපියේ අවා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ පී එස් කුමාරසිරි, නීතිඥ උදයන කිරිඳි ගොඩ, ලලිත් එල්ලාවල, ගුණපාල රත්නසේකර ,නීතිඥ වසන්ත යාපා බණ්ඩාර , කරුණාදාස කොඩිතුවක්කු,අකිල එල්ලාවල ,උපුල් ගලප්පත්ති,සුදත් මංජුල ,දයාකාන්ත ගුණතිලක,යන මහත්වරුන් ගේ අත්සනින් මෙම ලිපිය යවා ඇත .

එහි මෙසේද සදහන් වේ