( ආනන්ද ඉ ජයකොඩි සහ ඇස්  ඩබ්ලිව් කේ ජයවර්ධන.)

වතුපිටිවල හා තිහාරිය මල්වත්ත අපනයන සැකසුම් කලාප දෙකේ  දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් ජන පීඩක ආණ්ඩුවට එරෙහිව මිනී පෙට්ටියක් ද රැගෙන අද ( 28)  පෙරවරුවේ නිට්ටඹුව නගරයට පැමිණ  උද්ඝෝෂණයක් අරඹා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය වහා ඉල්ලා අස්වන ලෙසට ද  උද්ඝෝෂකයෝ කියා සිටිති.

පිරිස කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ඇති මංතීරුව  පුරා උද්ඝෝෂණයේ යෙදී සිටීම හේතුවෙන් මහනුවර දෙසට  ඇති මංතීරුව තුලින් දෙපසට වාහන ධාවනය කරන අයුරුද දැක ගන්නට ලැබුණි.

මේ හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද දැක ගන්නට ලැබුණි.