
යුක්රේනයට සහාය පළ කරමින්, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම බටහිර රටකට, ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.
රුසියන් ජනාධිපතිවරවයා මෙසේ පැවැසුවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී රුසියන් අමාත්‍ය මණ්ඩලය ආමන්ත්‍රණය කරමිනි. රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම බටහිර රටක් පහර දී අකර්මණ්‍ය කිරීමට සියලු සැලැසුම් සකස් කර ඇතැයි ද අමාත්‍ය මණ්ඩලය හමුවේ ජනාධිපති පුටින් පෙන්වා දී තිබේ.
'යුක්රේනයේ දැන් පවතින තත්ත්වයට බාහිරින් කිසියම් පාර්ශ්වයක් සම්බන්ධ වෙනවා නම්; ඔවුන් දැන සිටිය යුතුයි රුසියාව ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වනවා' යැයි රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
'බටහිර ඕනෑම රටක් සමඟ හැප්පෙන්න ප්‍රමාණවත් ඕනෑම ආකාරයක අවි ආයුධ අප සතුයි. අප ඒවා භාවිතයට ගන්නේ අවසන් විකල්පයක් හැටියට පමණයි. ඒ බව කවුරුත් වටහා ගන්න ඕනෑ' යැයි ද රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කර ඇත.
රුසියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් වන අතර, යුක්රේන යුද්ධය දුරදිග ගියහොත්, එය න්‍යෂ්ටික යුද්ධයකට පරිවර්තනය වනු ඇතැයි යුද විශ්ලේෂකයෝ බිය පළ කරති. එසේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් එහි බලපෑම මුළු ලොවටම දැනෙනු ඇතැයි ද යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින්ට එයාට ඕනැ ඕනෑ වෙලාවට ඕනැ ඕනෑ රටවලට ගහන්න පුළුවන් නම් ඇයි අනෙක් රටවලට බැරි එයාලා කැමති රටකට උදව් කරන්න...!