(රංජිත් රාජපක්ෂ -හැටන් දික්ඔය ප්‍රදේශයේ වතු කම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයට පිවිස උද්ඝෝෂණයේ  යෙදන අයුරු


ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල යාම , ගැස් මිල ඉහල දැමිම , විදුලි කප්පාදුවට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව රටපුරා දියත් කර ඇති වැඩ වර්ජනයට සහයෝගය  ලංකාව පුරා තැන තැන අදත් විරෝධතා අරඹා තිබේ.

රට කරවිය හැකි පිරිසකට රටේ පාලන බලය ලබා දි වත්මන් රජයට පාලන බලයෙන් ඉවත් වන ලෙසට ද උද්ඝෝෂකයෝ කියා සිටිති.


     

(තිරප්පනේ සමන් කේ. ගමගේ - තිරප්පනේ ස්වාධීන තරුණ එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණය)


(කීර්ති ප්‍රනාන්දු සහ ටෝනි කරුණානායක-මිනුවන්ගොඩ  නගර මධ්‍යයේ පිහිටි ගෝඨා ගම ඉදිරිපිට  මහා  සංඝරත්නය ප්‍රධාන දහසකට ආසන්න ජනතාවක්  විරෝධතාවය)