
( නිමල කොඩිතුවක්කු,බණ්ඩාර ජයරත්න,විශේෂ පි ශාන්ත බණ්ඩාර,සමන් විජය බණ්ඩාර)
ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදවලට එරෙහිව මහනුවරින් ආරම්භ කළ පා ගමනේ දෙවැනි දිනය මාවනැල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පලින් ආරම්භ වී ගලිගමුවෙන් අද අවසන් කෙරිණි.
මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පල ඉදිරිපිට පිහිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා දුලංජලි ප්‍රේමදාස මහත්මිය පුෂ්පෝපහාර දක්වා කෙටි උත්සවයකින් අනතුරුව පා ගමන ආරම්භවිය.
විරෝධතා පාගමනට සහයෝග දැක්වීම සඳහා මාවනැල්ල නගරයට විශාල පිරිසක් එක්ව සිටියහ.
විරෝධතා පා ගමන සඳහා ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ ගමනා ගමන කටයුතු සඳහාද බාධා එල්ල විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට ගොඩ නගන්නද?
අරගලය කරන්නේ 225ටම යන්න කියා බව දැනගෙන මේ අය බබාලා වගේ පාගමනේ...
මෙයාලා පෙලපාලියක් යන්නේ සජබෙ ආණ්ඩු පිහිටුවීමටද? ඒවා නම් වානා පුතෝ... !!!
ඔයා 2 වෙනිදාට ජනාධිපතිද? අගමැතිද?
මේ අය දැන් බබාලා වෙන්න හදනවද? මහජනතාව පාරට බැස්සාම තමයි මෙයාලටත් කෙළවෙන බව දැනගෙන බොරුවට පාරට බහින්න මතක් වුණේ... දැන් මිනිස්සුන්ගෙන් ලකුණු දාගන්න රඟපානවා...
අපිට බොරු කියන්න එපා. ඔබත් ඉවත්විය යුතුයි.