වගා ළිඟට වැටුණු කෙනෙර ගොඩ ගනී කරුවලගස්වැව ඉහළපුලියන්කුලම මීගස්වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී කුසගින්නේ වෙහෙසට පත්ව සිටි කෙනෙරක ගොඩගත් බව වනජීවි අඩවි කාර්යාලය කියයි. 25 September 2021
‘‘අතරමග නතර වූ ගමේ සංවර්ධනය යළි ආරම්භ කරනවා‘‘ කොරෝනා වසංගතය නිසා නැවතී ඇති ගමේ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 25 September 2021
නිවසේ තනිව සිටි කතගේ ගෙල සිරකර මරා දමලා රාජගිරියේ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිර කිරීමෙන් ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි. 25 September 2021
කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ගේ අභියාචනය විසිකරයි එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය. 25 September 2021
‘‘සීමාවන්ට යටත්ව පළමු වැනිදා රට විවෘත කරනවා‘‘ පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස 01වැනි දා සිට රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 25 September 2021
රට විවෘත කළ වාහාම දුම්රියත් වැඩ රට විවෘත කරන ආකාරය අනුව දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සූදානම් බවත් නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර පරීක්ෂණ ධාවන කීපයක් සඳහා දුම්රිය යෙදවීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 September 2021
පොලිසියේ ලොක්කන් දහයකගේ පුටු වෙනසක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිධුරවලටත්, සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනෙකු පොලිස් අධිකාරීවරුන් ලෙසත් උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබාදී ලබා දී තිබේ. 25 September 2021
කොරෝනා මරණ 79ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 79 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 September 2021
විකෘති ප්‍රභේද වැඩි වේලාවක් වාතයේ රැඳෙනවා අලුතින් නිර්මාණය වන ’කොවිඩ් 19’ නව විකෘති ප්‍රභේද, ’කොවිඩ් 19’ මුල් ප්‍රභේදයට වඩා වැඩි වේලාවක් වාතයේ රැඳී පවතිනවා යැයි ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බොල්ටිමෝර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි. 25 September 2021
කොරෝනා ආසාදිතයන් 782ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 782 දෙනකු අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,12,154 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. 25 September 2021
ඔබේසේකර කුඩු සිද්ධියට තවත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කරන්න අවසර රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 01 වැනිදා තෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (25) නියෝග කළාය. 25 September 2021
එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක්, එම ගිනිඅවියට යොදන උණ්ඩ 90 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 52 ක් සමඟ පුද්ගලයකු මිද්දෙනිය පොලිස් වසමේ ලැනරෝල්වත්ත ප්‍රදේශයදී පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහූ අත්අඩංගුවට ගැනීමට සමත් වූහ. 25 September 2021
දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩු වෙලා දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩුවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 25 September 2021
කිරිපිටි හිඟය තවත් මාසයක් ? කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර ඇති බවත් එම මිල වැඩිවීම ලබන අඟහරුවාදා වන විටවත් නොවුණ හොත් කිරිපිටි සැපයුම සාමාන්‍ය තත්වයට පත්වීමට තවත් මාසයක් පමණ ගතවීමට ඉඩ ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය. 25 September 2021
මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආයතනය සහ යුනෙස්කෝ ආයතනය නිර්දේශ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය. 25 September 2021
හෙරෝයින් -අයිස් කළුතර බන්ධනාගාරයට පියාඹයි කළුතර බන්ධනාගාරයේ ‘ඊ’ අංශයට පිටතින් විසිකළ පාර්සලක තිබී හෙරෝයින් ග්‍රෑම් 9 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්බව බන්ධානාගර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 25 September 2021
එන්නත ගත් දරුවන්ගේ ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක් කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට එසේ එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇත්නම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 0702703954 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එම රෝහල් ප්‍රධානීහු ඉල්ලීමක් කරති. 25 September 2021
අඩු මිලට සතොසට සැමන් සතොසට රුපියල් 285 ක තොග මිල යටතේ සැමන් ටින් ලක්ෂ හතරක් සැපයීමට මෙරට ප්‍රධාන පෙළේ සැමන් ටින් නිෂ්පාදකයන් පිරිසක් එකඟවී ඇත. 25 September 2021
බලාගාර ගිවිසුමට ආණ්ඩුව - හවුල් පක්ෂ මත ගැටුම උග්‍ර වෙයි කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ගිවිසුමකින් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර බරපතල දේශපාලන මත ගැටුමක් නිර්මාණය වී තිබේ . 25 September 2021
ඇමැති - මන්ත්‍රී මත ගැටුම සමථයකට දේශපාලන පොර පිටියේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා අතර ගැටුම මේ වන විට සමථයකට පත් වී තිබෙන බව වාර්තා වේ. 25 September 2021
මෙවර අයවැයෙන් බදුවල පුළුල් වෙනසක් මෙවර අයවැයෙන් රජයේ බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ට දැනුම් දී ඇත. 25 September 2021
මුස්ලිම් සිසුවියට බුද්ධාගම - සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණිය සමත්වුවාය. 25 September 2021
නිරිත දිගට මීටර් 100 ඉක්මවූ තද වැසි දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අද මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 September 2021
යොහානිගේ ‘‘මැණිකේ මගේ“ ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණය ගීතය අසා තමා මහත් සතුටක් ලැබූ බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය. 25 September 2021
ඇමැතිවරු,රාජ්‍ය ඇමැතිවරු 10ක් තාමත් මන්ත්‍රී නිල නිවාසවල ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 25 September 2021
රාජගිරිය මත් ජාවාරම්කරුට උදව් කළ අයකු අල්ලයි රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු මෝටර් රථයේ බොනට්ටුව මතින් වැටීමට සැලසවා අනතුරට ලක් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිසට පළා යාම සඳහා මෝටර් රථයක් සැප වූ බව පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 24 September 2021
‘‘පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය නිර්දේශ බලධාරීනට දෙන්න‘‘ සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දෙනු ලැබ ඇති පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්ට සෘජුවම යොමු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය. 24 September 2021
පදිකවේදිකාවේ සිටි දින හතරක සිඟිත්තාට ගම්පහ පුරපතිගෙන් රැකවරණ සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ පදික වේදිකාවේ සිටි මව් පිය යුවළකට ගම්පහ පුරපති එරංග සේනානායක මහතා විසින් රැකවරණය ලබා දීමට පියවර ගනු ලැබීය. 24 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 409ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 409 දෙනකු අද(24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 24 September 2021
“විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේ නම් උසස් පෙළ කරන්න පුළුවන්’’ මෙවර සෞන්දර්ය විෂයන්ට සාමාන්‍ය පෙළ සිසුන්ට විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේනම් උසස් පෙළ හැදෑරිය හැකි බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය. 24 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026