පිලිපීනයේ-ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් ලංකාවට බලපෑම්? පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ අද උදෑසන රික්ටර් මාපකයේ 6.4 සහ 6.7 විශාලත්වයෙන් යුත් භූමි කම්පා දෙකක් හට ගෙන ඇත. 14 March 2022
පුෂ්පිකා-කැරොලයින්-චූලා සිද්ධිය සමථ මණ්ඩලයට ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ හිස රැඳී කිරුළ ගලවා තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව ලබන 19 වැනිදා සමථ මණ්ඩලයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා එහි පැමිණිල්ලට සහ අගතියටපත් පාර්ශවයට අද (14) නියෝග කළේය. 14 March 2022
නිමල් පියතිස්ස සම්බන්ධිකරණ කමිටු සභාපතිධුරයෙන් ඉවත් වෙයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා තමන් දැරූ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. 14 March 2022
අම්බලන්තොට - කතරගම මාර්ගය වැසෙයි රටේ පවතින පීඩාකාරී තත්ත්වයට හා ආර්ථික අර්බුදයට විසැඳුම් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අම්බලන්තොට නගර මධ්‍යයයේ සංවිධානය කළ විරෝධාතවක් හම්බන්තොට කතරගම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වි ඇත. 14 March 2022
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කරයි 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබේ. 14 March 2022
ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීමට තහනමක් ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී ඇත. 14 March 2022
ගෑස් නැතිව විඳින දුකක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳසැලට පැමිණෙතැයි බලාපොරොත්තුව බණ්ඩාරගම කහටගස් හංදිය ප්‍රදේශයේ ගෑස් අලෙවි සලක් අසල ගෑස් සිලින්ඩර් තබා ඇති අයුරු අප ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි. 14 March 2022
ඔබාමාටත් කොරෝනා ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 14 March 2022
බූස්ස බන්ධනාගාර නිලධාරී-එස්.ටී.එෆ් ගැටුම සමථයකට බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ දී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ පිරිසක් පසුගියදා අතර ඇති වු ගැටුම සමථයකට පත්කර ඇති බවත්, මෙම සිද්ධිය එහි නේවාසික සිටින සිර හා සැකකරුවන්ට කිසිදු බලපෑමක් එල්ල නොවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අද (14) පැවැසීය. 14 March 2022
බඹර කූඩුව විදුහල්පතිගේ ඇගට වැටෙයි ඇතිමලේ ඉසුරුපාසලේ පැවැති රැස්වීමක් අතරතුර බඹර කූඩුවක් විදුහල්පතිවයාගේ ඇගට කඩා වැටී බඹරු ඇනීමෙන් සිසු සිසුවියන් හා ගුරුවරුන් ඇතුලු 65 දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි, 14 March 2022
රස නැති ව්‍යාංජනය පියාට මරු කැඳවයි කලහකාරී ලෙස හැසිරෙමින් තම දියණියට අමානුෂිකව පහර දුන් අවස්ථාවේ පුතා එල්ල කළ තියුණු ආයුද පහරකින් 44 හැවිරිදි පියකු මියගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය කියයි. 14 March 2022
ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ 39 ක් අල්ලයි වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 39 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 March 2022
වගා ළිඳකට වැටී පාසල් සිසුවා මරුට අනාරක්ෂිත වගා ළිදකට වැටි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය. 14 March 2022
යූ.එන් ආහාර සමුළුව මෙරටදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 14 March 2022
පළාත් කීපයකට අදත් ගිගුරුම් සහිත වැසි බස්නාහිර සහ සබරගමුව, පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 March 2022
බදු අනුපාත ඉහළ නංවන්නැයි අයි.එම්.එෆ්. නිර්දේශ කරයි. ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ . 13 March 2022
ඩයමන්ඩ් නැවේ වන්දිය යට ගනුදෙනුවක් ? මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් කෝටි 348 ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි පහක පමණ මුදලක් පමණකැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) ඉකුත්11 වැනිදා තොරතුරු අනාවරණය විය. 13 March 2022
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි ඉකුත් ජනවාරි මස පැවති 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk, www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. 13 March 2022
හෙට විදුලිය කැපීමේ වෙලාව වෙනස් වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (14) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) රාත්‍රී පැවසීය. 13 March 2022
රූපවාහිනී සංස්ථාව භාණ්ඩාගාරයෙන් කෝටි 24 ක් ඉල්ලයි ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මාස හයක කාලයකට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත. 13 March 2022
අද කොරෝනා අසාදිතයින් 311 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 311 දෙනකු අද (13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 13 March 2022
‘ජාතික ආණ්ඩුවක ඇමති ධුර ගන්නේ නෑ‘ ජාතික ආණ්ඩුවකට ගොස් ඇමතිධූර භාර ගැනීමට සූදානම් නැතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 13 March 2022
කොරෝනා මරණ තවත් 7 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 March 2022
කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරය ඩීව් ගුණසේකරට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පත්කරගනු ලැබ ඇත. 13 March 2022
වේයො හදපු තුඹසට පොළඟෙක් රිංගුවා බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. 13 March 2022
පස් තිප්පොළක්වටලා කෝටි ගණනක දේපොළ අල්ලයි මොරගහහේන ගොඩිගමුව, මොහොට්ටිවත්ත ප්‍රදේශයේ නීති විරෝධීව මහපරිමාණයෙන් පවත්වාගෙන ගිය පස් සහ වැලි තිප්පොළක් වටලා රුපියල් කෝටියකට අධික වටිනා වාහන හා උපකරණ සමග සැකකරුවන් සිව්දෙනකු පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 13 March 2022
බඹරු 11ක් රෝහලට යවති හපුතලේ පහළගල්කන්දේ දී ආගමික උත්සවයක් අතර තුර ඊට සහභාගි වූ පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී එකොළොස් දෙනකු රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි. 13 March 2022
සජබෙන් මුදල් ඇමැතිට විශ්වාසභංගයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. 13 March 2022
නිවෙස්වලට පැන කෝටි ගණනක දේපළට විද්ද සැකකරු මාට්ටු රාජ්‍ය ආයතනයක සභාපති තනතුරක් දරන වෛද්‍යවරයකුගේ නිවස ඇතුළු නිවාස 14 බිඳ රුපියල් ලක්ෂ 50 අධික වටිනා දේපළ සොරාගත් තරුණයකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 13 March 2022
බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් ඉහළට බහලුම් ප්‍රවාහන ගාස්තු අද (13) සිට සියයට 60 කින් ඉහළ දැමූ බව බහලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය පවසයි. 13 March 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026