(ඩයනා උදයංගනී)
තෝරාගත් විශේෂ ක්‍ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනිව ආනයනය කිරීමේ අවසරය ලබාදීමට හැකි පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, අධ්‍යාපන හා වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
විදුලිබල, ධීවර සහ අපනයන සම්බන්ධ කටයුතු ආදී විධිමත් අයුරින් තෝරාගත් ක්‍ෂේත්‍ර වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ඔවුන්ටම ආනයනය කිරීමට හැකි පරිදි මෙම පියවර ගැනෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ වෙනුවෙන් 2002 අංක 33 දරණ පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම පිණිස බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද රමේෂ් පතිරණ මහතා කීවේය.
සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
රටේ සියලු ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඉන්ධන අත්‍යාවශ්‍ය බැවින් ආර්ථිකයේ තෝරාගත් විශේෂ ක්‍ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තනි තනිව තෙල් ආනයනයට, පනත වෙනස් කරන්න අවසර