
(අංජුල මහික වීරරත්න)
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සිය නිල තුර්කි සංචාරයේ අතරතුර අන්කාරා නුවරදී තුර්කි ජනරජයේ විදේශ කටයුතු නියෝජ්ය අමාත්ය, තානාපති ඒ. බෙරිස් මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
ශ්රී ලංකාව සහ තුර්කිය අතර දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආර්ථික සබඳතා, විදේශ රැකියා, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධ්යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ ආරක්ෂක සහයෝගීතාව ඇතුළු දෙරටටම වැදගත් වන ප්රධාන ක්ෂේත්ර රැසක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා පුළුල් කිරීම, විශේෂයෙන්ම ශ්රී ලංකා තේ (Ceylon Tea) ඇතුළු ශ්රී ලාංකික නිෂ්පාදන සඳහා තුර්කි වෙළෙඳපොළට ප්රවේශ වීමේ අවස්ථා වැඩිදියුණු කිරීම සහ ශ්රී ලංකා ආර්ථිකයේ ප්රධාන ක්ෂේත්ර සඳහා තුර්කි රජයේ හවුල්කාරිත්වයන් පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්තේය.
ගුවන් සේවා ගිවිසුම යටතේ ගුවන් සම්බන්ධතා ශක්තිමත් කිරීම, පුහුණු හා නිපුණතා සහිත ශ්රී ලාංකිකයන් සඳහා සුදුසු රැකියා අවස්ථා හඳුනා ගැනීම සහ සංචාරක කර්මාන්තය, අධ්යාපනය, සංස්කෘතික හුවමාරු හා ආයතනික හවුල්කාරිත්වයන් තුළින් දෙරටේ ජනතාව අතර සබඳතා පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd