යුගදනවි කොටස් ඇමෙරිකාවට දෙන්න අපි අත උස්සන්නේ නැහැ
කෙරවලපිටිය, යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වන්නේ නැතැයි එහි මහලේකම්, බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.