(යොහාන් භාසුර)
මීටර 400 කඩුලු පැන දිවීමේ ශ්‍රී ලංකා ශූරිය වන කෞෂල්‍යා මධුෂානි, කුලියාපිටියේ පිහිටි සිය නිවසේදී එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
ඇයගේ අත්අකුරින් ලියූ ලිපියක් ද නිවසේ තිබී හමු වී ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන මධුෂානි, දියගම ක්‍රීඩාංගණයේදී පෙරේදා (22) පැවැති සියවන සැමරුම් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කඩුලු පැන දිවීමේ පළමු ස්ථානය දිනාගනිමින් දක්‍ෂතම කඩුලු පැන දිවීමේ ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනාගැනීම කැපී පෙනේ.
ශ්‍රී ලංකාව නියෝජන කරමින් ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වී ඇති 26 හැවිරිදි මධුෂානි ජාත්‍යන්තර පදක්කම් රැසක් ද දිනාගැනීමට සමත් වූ ක්‍රීඩිකාවකි.
ඇය සියදිවි නසාගන්නට ඇතැයි සැක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඇතිවී ඇති මෙම තත්වය ගැන ගැඹුරින් සිතන, ලොකු හීනවල ජීවත් වෙච්චි ඕනෑම කෙනෙකුට සියදිවි නසාගන්නම හිතෙනවා.. ඒ වාගේ කෙනෙකුට යම් මානසික රෝගී තත්වයක් තිබෙනවා නම් තත්ත්වය භයානකයි. ඉදිරියට මේ වගේ දේවල් නිතර අහන්න ලැබෙයි...
අනේ අපරාදේ... හොඳට හොයලා බලන්න. අපරාධයක් වෙලා තියෙන්නත් පුළුවන්.