
(ඩයනා උදයංගනී)
රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි ඇතුළු මුද්‍රණ ද්‍රව්‍ය හිඟවීම හා ඒවායේ මිල ඉහළයාම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විරෝධය පා සහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලේඛක ලේඛිකාවන්, පොත් ප්‍රකාශකයන් සහ මුද්‍රණකරුවන් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා අද (24) පස්වරුවේ පැවැත්විණි.
මෙයට සහභාගී වූ ඇතැමුන් සටන්පාඨ ලිවීම සඳහා කොලපත්, හබරල කොළ ආදිය යොදාගෙන තිබීම විශේෂත්වයක් විය.
පිරිස කොල්ලුපිටිය මංසන්ධියට රැස්වී එහි උද්ඝෝෂණයක නිරතවීමෙන් අනතුරුව ගාලු මුවදොර පිටිය බලා ගමන් ඇරඹූහ.
‘කඩදාසි මිල අඩුකරනු’, ‘අකුරුය අප අවිය’, ‘අහිමිවන මවුබිම අවදිවීමයි යුතුකම’ ආදී සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදුණහ.
ඔවුහු ගාලු පාර ඔස්සේ ගොස් ගාලු මුවදොර විරෝධතා භූමියට පිවිස එහිදීද රජයට සිය විරෝධය පළ කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ලංකාදීප පත්තරෙත් මින්පසු හබරල කොලේ අච්චු ගහයි කියලද ... ඩයනා උදයංගනී..??
ඩොලරයට සාපේක්ෂව රුපියල වැටුනු නිසා කඩදාසි මිල නැග ඇත. ඩොලර් හිගය හේතුවෙන් ඉන්ධන හා ගෑස් මිලට ගැනීමට මුදල් වැයවන නිසා කඩදාසිවලට ගෙවීමට ඩොලර් සෑහෙන තරමට නොතිබුණා විය හැක. තේ කඩයක් කිරීමට තරම්වත් ඥානයක් නොමැති බහුතර පිරිසකගෙන් පාර්ලිමේන්තුවක් පිරුණු කල මීට වඩා දෙයක් බලාපොරොත්තුවිය නොහැක. මෙතැන් සිට රජයට කෑ ගැසුවේ යයි කියා පිටරටින් එන භාණ්ඩ අඩු නොවෙන බව තේරුම්ගත යුතුවේ. කළ හැකි එකම දෙය නම් යථාර්ථය තේරුම් ගෙන හොරුන් සහ ඡන්ද ව්‍යාපාර මහා පරිමාණයෙන් කරනවුන් පත් කරන ව්‍යවස්ථා සහ නීති සංශෝධනය කිරීමයි.