
(තරංග ගුණරත්න)
වැලිගම නගරයේ අවුවැසි නොතකා සතෝස පොලිමේ සිටි 129 දෙනකුට සහල් කිලෝ පහ බැඟින් ලබාදුන් ඊශ්‍රායල් ජාතික ග්‍රයි රොසම්බ්‍රක් මහතා රුපියල් 2000 බැගින් බෙහෙත් ගැනීමට ආ පිරිසට පරිත්‍යාග කළේය.
මෙම අවස්ථාවට ගාල්ල කොටුව ශ්‍රි සුධර්මාරාම විහාරාධිපති පනංගල හේමාලෝක හිමියන් සහ රොසම්බ්‍රක්ගේ ශ්‍රී ලාංකික මිතුරෙකු චිරාත් ද සිල්වා මහතා ද එක්ව සිටියහ.
තමා සිදුකළ සමාජ සත්කාරය ශ්‍රී ලාංකික මාධ්‍ය මගින් ඇගයීම විශාල ශක්තියක් වූ බවත් එම තුළින් තව තවත් සේවාවන් රැසක් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව රොසම්බ්‍රක් මහතා පවසති .
ඉකුත් 22 දින දැඩි හිරු රශ්මිය නොකතා ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා වැලිගම සතොස ආයතන අසල දිගු පෝලිමේ සිටි 129 දෙදෙනෙකු සදහා කැකුළු සහල් කිලෝ 5 බැගින් පාර්සලයක් නොමිලේ ලබාදීමට ග්‍රයි රොසම්බ්‍රක් මහතා පියවර ගත්තේය .
වැලිගම නගරයේ සතොස ආයතනය වෙත කැකුළු සහල් තොග ලැබී ඇති බවට තොරතුරු මත විශාල පිරිසක් එම ස්ථානය වෙත පැමිණ සිටියහ , රුපියල් එකසිය දහය බැගින් ලබාගත හැකි නිසාවෙනි , කෙසේ වෙතත් මෙම ස්ථානයෙන් මෝටර් රථයෙන් ගමන් කළ විදේශීය සංචාරකයාට මෙම ස්ථානයේ රැඳී සිටි දිගු පෝලිම පිළිබඳව සොයා බැලීමට උවමනාවක් ඇතිවි තිබේ අනතුරුව මෝටර් රථය නවත්වා ඒ පිළිබඳව තොරතුරු විපරම් කර ඇත
එ අනුව සාමාන්‍ය වෙළඳපොලේ කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක් 210 වන බවත් සතොස මගින් 110 ක සහන මුදලකට ලබාදීම නිසා ජනතාව පෝලිමේ රැඳී සිටින බවට එම සංචාරකයාට දැනගැනීමට හැකිවි තිබේ .
මෙම අවස්ථාවෙි දිගු පෝලිමේ රැඳී සිටි එකසිය විසිනම දෙනකු වෙනුවෙන් (129 ) කැකුළු සහල් කිලෝ 5 බැගින් නොමිලේ ලබාදීමට ඊශ්‍රායල ජාතික සංචාරකයා එකඟතාවය පලකොට තිබේ එ අනුව වැය වන සම්පුර්ණ මුදල රුපියල් අසූ දහසකට ආසන්න මුදල වැලිගම සතොස ආයතනය වෙත ගෙවා දැමීමට ග්‍රයි රොසම්බ්‍රක් මහතා කටයුතු කළේය.
බුදු දහම හැදෑරීම සඳහා ඔහු වසර ගණනාකව සිට වරින්වර ශ්‍රී ලංකාවට පැමිණෙයි.
එ අනුව (23 ) දින දහවල් ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ රාජ්‍ය ඔසු සැලකට ගොස් එහි ඖෂධ ලබාගැනීමට පැමිණ සිටි පිරිස සදහා රුපියල් දෙදහසක මුදලක් විසි දෙනෙකු වෙනුවෙන් ලබාදීමට කටයුතු කළහ. තවත් සත් ක්‍රියාවන් රැසක් ඉටුකරන බවත් මෙවැනි කටයුතු වෙනුවෙන් තවත් විදේශික සංචාරකයන්ට ඇරයුම් කරන බව ද හෙතෙම තවදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ම්ම්ම්ම් අපි බෞද්ධලු.......ඒත් ඔහු ධර්මය දකිනවා........ඔහුට මෙන්ම අපිටත් සද්ධර්මය අවභෝද වෙත්වා.....
ඇත්තටම බුදුදහම හොඳින් ඉගෙන ගන්න කෙනෙක්.
ඔබට තෙරුවන් සරණයි. මනුෂ්‍යත්වයෙන් පිරුණු මෙවන් මිනිසුන් මිහිපිටට සම්පතකි.