(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සිට 27 වැනිදා දක්වා දින තුනක් සියලුම කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (22) පස්වරුවේ පැවසීය.
‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.30 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
කොළඹ නගරයේ වාණිජ කලාපවලට පෙරවරු 6.00 සිට 9.00 දක්වා පැය 3 ක් පමණක් විදුලිය කප්පාදු තරක බව ද විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලය නෑ නෑ කියනවා. ජලාශ පිරිලා වාන් දොරටුත් ඇරියා නේද ? විදුලි බල මණ්ඩලය ඉහළ අධීක්ෂණකට ලක් කළ යුතුම තැනක්. කවදා කරයිද ඒක ?
අපටනම් අදත් එහෙම කැපුවා දවාලේ අපට විදුලිය ලැබෙන්න තිබුනෙ 3.40 ට වුනත් ලැබුනෙ 4.30 රාත්‍රියේ වැඩිපුර විනාඩි දහයක් වැඩුපුර කැපුවම පැය හතරක් වෙනවා
ඇමතිවරු පත්වුනාට අපි තවමත් කළුවරේ