නිමන්ති රණසිංහ
කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල පොලිසිය යොදන ලද මාර්ග බාධකවල උල් ඇණ වැනි දේ සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තිබූ ආකාරය දිස් වූ බවත්, එම තත්ත්වය හේතුවෙන් උද්ඝෝෂණයේ නිරත ජනතාව බරපතල ලෙස තුවාල සිදුවිය හැකි තතත්වයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ , පොලිස්පති පොලීසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්‍රියා කළ යුත්තේ, විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට බවය. එසේම ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කිරීම පිණිස ඔවුන් ක්‍රියා කළ යුතුව ඇතැයි ද නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.
සෑම අවස්ථාවකදීම වගකීමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයාට සහ පොලිස් නිලධාරීන්ට යුධ හමුදා සාමාජිකයන්ට ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංගමය සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත .
කුමන පාර්ශවයකින් හෝ සිදුවන කුමන ආකාරයක ප්‍රචණ්ඩත්වකින් රටට අහිතකර සහ බරපතළ ප්‍රතිඵල නිර්මාණය කරනු ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාර්ග බාධක ගැන නීතිඥ සංගමය කනස්සල්නෙන්
Bunny Preena Monday, 25 April 2022 08:49 AM
මේ පාලන ක්‍රමය නිසා අවංකව, හෘද සාක්ෂියට එකඟව වැඩකරන ත්‍රිවිධ හමුදා, පොලිස් සාමාජිකයින්ටත් වෙලා තියෙන්නේ, මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී කියනවා වගේ වැඩක්...
siri Monday, 25 April 2022 02:13 PM
මේ දවස්වල කන්න බොන්න දෙන්න සල්ලි නැති එකේ හදිසි අවස්ථාවක "අමතර බට පිරිස් කැඳවනවා..." කියන්නේ මේක තමයි. කලබල වෙන්න එපා.