(රංජන් කස්තුරි)
කොළඹ කොටුව පිවිසුම් මාර්ග කීපයක්ම වසා දමා ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකළ බව සඳහන් කරමින් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලඝනය කළ බවට චෝදනා කරමින් ජනමාධ්‍යවේදීහු පිරිසක් අද පෙරවරුවේ පොලිසිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිල්ලක් කළහ.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් කොළඹ කොටුව පොලිසියට එම පැමිණිල්ල කළහ.
පොදු මාර්ග වසාදමා ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන ගමන් බිමන් යෑමේ අයිතිය අවහිර කළ බව ඔවුහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට ජය...! ගෝ ගෝඨා ගෝ හෝම්...!
සමහර මිනිස්සු ත්‍රස්තවාදී විදිහට වාහන හරස් කරලා පාර වහනකොට, සිල්පර කොට දාලා රේල්පාර වහනකොට පෙනුනේ නැද්ද? ඔවුන්ට උසාවි යන්න තිබුණා නේද පාර අවහිර කරලා කියලා...