(යොහාන් භාසුර)

ආනයනික කිරිපිටි මිල ඉදිරි සතිය අවසානයේ නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

කිරිපිටි සඳහා පාලන මිල ඉවත්කර ඇති නිසා කිරිපිටි සමාගම්වලට අභිමතය පිරිදි මිල ඉහළ දැමිය හැකි බව කී අශෝක බණ්ඩාර මහතා කිරිපිටි කොපමණ මුදලකින් ඉහළ යන්නේද යන්න ප්‍රකාශ කළ නොහැකි බව ද සඳහන් කළේය.

කිරිපිටි කිලෝවක් රුපියල් 800 ත් 1000 ත් අතර මුදලකින් ඉහළ යනු ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.