ආබාධ සහිත දරුවන්ට කොරෝනා එන්නත හෙට සිට ඇරඹේ වයස අවුරුදු 12ත් 19ත් අතර “සංජානනීය ආබාධ” සහිත දරුවන් වෙනුවෙන් එන්නත්කරණය හෙට (24) කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ආරම්භ කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණීය මහතා පැවසීය. 23 September 2021
කොරෝනා එන්නත් හතරක් ගැන විශේෂ පරීක්ෂණයක් මෙරට භාවිතා කෙරෙන එන්නත් වර්ග 4 කින් ඇති කෙරෙන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය. 23 September 2021
ඩී.එස් උපන් දා අලුත් කට්ටිය ගනියි කැන්දා එක්සත් ජාතික පක්ෂයට අභිනවයෙන් සාමාජිකයන් බඳවා ගැනීම පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 20 වැනිදා සිට ඇරඹේ. 23 September 2021
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රය විවෘත කරයි රටක ආබාධ සහිත ප්‍රජාව ඉල්ලන්නේ විශේෂ වරප්‍රසාද නොව තමන්ගේ මානව අයිතීන් බැවින් ඒවා ලබාදීම රජයක යුතුකම යැයි ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා අද (23) පැවසීය. 23 September 2021
“බූස්ටර් එන්නතක්” දෙන්න අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා තිබෙනවා’’ කොරෝනා මර්දන එන්නත්කරණයේදී තුන්වන එන්නත් මාත්‍රාවක් වශයෙන් “බූස්ටර් එන්නතක්” ලබාදීම සදහා අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා පවතින බව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි. 23 September 2021
කොවිඩ් ආසාදිත 16,720ක් සුවය ලබා පිටව යති කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 16,720 ක් සුවය ලබා අද (23) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 23 September 2021
ඔබේසේකර සිද්ධිය සී.සී.ඩීයට බාර දෙයි රාජගිරිය ඔබේසේකරපුර දී පොලිස් නිලධාරීයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය අනතුරට ලක් කර පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. 23 September 2021
වැලි, පස්, බොරළු හා කළුගල් ප්‍රවාහන බලපත් ඔන්ලයින් ක්‍රමයට වැලි, පස්, බොරළු හා කළුගල් ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත් මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීම මෙම මස 30 වැනිදා සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. 23 September 2021
ඉන්දීය - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරු නිව්යෝක්හීදී හමුවෙති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල විවිධ ක්ෂේත්රයන් සම්බන්ධයෙන් ඉදිරියට යාම සඳහා දැඩි දේශපාලන කැමැත්තක් ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා හමුවේ දැනුම් දුන්නේය. 23 September 2021
වෛද්‍යවරුන්ට විශේෂ අතිකාල දීමනාව ඕනෑ ‘කොවිඩ්’ රෝග ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට ලබාදුන් විශේෂ අතිකාල දීමනාව තව දුරටත් ලබාදීමට කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි 23 September 2021
’’බාර්’’ විවෘත කරත් ආදායම සියයට 60කින් අඩු වෙලා රට පුරා මත්පැන් අලෙවිසල් විවෘත කර ඇතත් ඒවායින් ලැබෙන ආදායම සියයට 60 කින් පමණ අඩුවී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 23 September 2021
ටෝකියෝ මහාධිකරණයෙන් ලාංකිකයින් දෙදෙනකුට වන්දියක් නීතිමය පියවර ගැනීම අවස්ථාව ලබා නොදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජපානයෙන් පිටුවහල් කිරීමට ජපන් අගමන විගමන දෙපාර්තමේන්තු ගෙන තිබූ තීරණයක් නීතිවිරෝධි බව තීන්දු කළ ටෝකියෝ මහාධිකරණය එම ලාංකිකයින්ට ජපන් යෙන් ලක්ෂ 6ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දස ලක්ෂ අනූ තුන්දහස් අටසිය තිස් නමයක්) වන්දි මුදලක් ගෙවන ලෙසට ජපන් රජයට නියෝගය කර ඇතැයි ජැපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 23 September 2021
මෙරට ලොකුම පී.සී.ආර් රසායනාගාරය කටුනායක විවෘත වෙයි කොරෝනා වසංගතය සමග සමස්ථ ලෝකයටම විශාල අභියෝගයක් එල්ල වූ බවත් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා උත්තර සොයමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 23 September 2021
දත්ත මැකූ මහ මොළකරු ආණ්ඩුව තාමත් සොයාගෙන නෑ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගොස් දෙමසක් ඉක්ම ගොස් තිබියදීත් රටේ ජාතික ආරක්ෂාවට මෙතරම් සංවේදී දත්ත පද්ධතියක් සමඟ සෙල්ලම් කළ මහ මොළකරු සොයාගැනීමට සමත්කමක් නැති ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන් හෝ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයාගනු ඇතැයි සිතීමත් විහිළුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 23 September 2021
පාරිභෝගික පනතට කතානයක අත්සන් තබයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පෙරේදා (22) පස්වරුවේ සටහන් කළේය. 23 September 2021
පළාත් පාලන මැතිවරණය ගැන නීතිපතිගේ මතය විමසයි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හැකි ඉක්මනින්ම දැනුම් දෙන්නැයි එම කාරක සභාවේ සභාපති, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. 23 September 2021
පෞද්ගලික බස්වලට නීති මාලාවක් පෞද්ගලික බස් රථ ධාවනයේ යොද වන්නේ නම් පිළිපැදිය යුතු නීති රීති මාලාවක් සමස්ත පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්මේලනය විසින් අද නිකුත් කරනු ලැබීය. 23 September 2021
කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂක අත්අඩංගුවට පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයට මධ්‍යම රාත්‍රියේ පොල්ලක් රැගෙන කඩාවැදුණු කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු නිදාසිටි යාචකයන්ට ඉවක් බවක් නොමැතිව පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය කියයි 23 September 2021
‘ආණ්ඩුව ගජ මිතුරන්ට අලි පැටවුන් ලබා ගන්න අණ පනත් සකස් කරමින් සිටිනවා ‘ රටේ ආර්ථිකය, සංවර්ධනය, දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී ඇති අවස්ථාවක ආණ්ඩුව ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරනවා වෙනුවට තම ගජ මිතුරන්ට අලි පැටවුන් ලබා ගැනීම සඳහා පනත් සම්මත කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා කොළඹදී පැවසීය. 23 September 2021
වැටලීමකට ගිය පොලිසියේ දෙකක් අනතුරින් රෝහලේ රුකඩ වැව ප්‍රදේශයේ වැටලීමකට යතුරුපැදියකින් ගිය නොච්චියාගම පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා සහ සැරයන්වරයකු යුද හමුදාවේ කැබ් රථයක හැපී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. 23 September 2021
‘බලලෝභී නායකයන් ගෙදර ගොස් ශ්රීලනිපය තරුණයන්ට බාරදිය යුතුයි’ බලලෝභී නායකයන්ට වැදගත්කමක් තියෙනවා නම් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී දූෂ්‍ය නොවූ පක්ෂයට ඇත්තටම ආදරය කරන ප්‍රතිපත්තිගරුක තරුණ පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර දිය යුතු යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය . 23 September 2021
“සියලුම සේවකයන් එකවර කැඳවන්න එපා” - මහාචාර්ය අර්ජුන පොදු ප්‍රවාහනවලින් ‘කොවිඩ්’ වයිරසය සීඝ්රයෙන් බෝවන බව වර්තමාන තත්වය අනුව පැහැදිළි බවත් දැඩි සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රමානුකූලව රට විවෘත කළ හැකි බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 23 September 2021
රත්නපුරයට හාල් - රතු සීනි හිඟයක් සංචරණ ඇඳිරිනීතිය මැද විවෘත කර ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රධාන නගර සහ උප නගරවල පිහිටි පෞද්ගලික සුපර් මාකට්, තොග වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල්වල හාල් සහ රතු සීනි හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති. 23 September 2021
ලග්ගල කොරෝනා අතරමැදි මධ්‍යස්ථානය විවෘත කළ දා සිට රෝගීන් නෑ කොවිඩ් 19 ආසාදනය වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය රුපියල් මිලියන හැට දෙකක් වියදම් කරමින් මාතලේ ලග්ගල නගරයේ ඉදිකරන ලද අංග සම්පූර්ණ ආයුර්වේද අතරමැදි කොවිඩ් ප්‍රතිකාර රෝහල විවෘත කොට සියලු පහසුකම් ලබාදී තිබියදී රෝගීන් ඇතුළත් කර නැතැයි ජනතාව පෙන්වා දෙති . 23 September 2021
අලුත හැදූ ආදාහනාගාරයේ දේශපාලකයන්ගේ නම් 51ක් වැලිගම ප්‍රාදේශීය සභාව මගින් වරකපිටිය ප්‍රදේශයේ ඉදි කළ ආදාහනාගාරය සහ අවංගල්‍ය ශාලාවේ සමරු ඵලකයේ දේශපාලනඥයන්ගේ නම් 51ක් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇත. 23 September 2021
අද දවසේ කාලගුණය මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 September 2021
කාබනික ගොවිතැනට යුරෝපා සංගමයේ සහය ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණු කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් දීමට සූදානමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ජෙනි කොරියා නියුනස් (Jenny Correia Nunes) මහත්මිය සඳහන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 23 September 2021
‘‘ත්‍රස්තවාදී ප්රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නෑ‘‘ ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන් හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය අමතමින්අද (22)රාත්‍රියේ ප්‍රකාශ කළේය . 22 September 2021
රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී ඒ මහතා කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. 22 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 464ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 464 දෙනකු අද(22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 22 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026