IMG-LOGO

රටවල් දෙකකින් තවත් ඖෂධ පරිත්‍යාග

(සුජිත් හේවාජුලිගේ )

ඉන්දීය රජය පරිත්‍යාගයක් ලෙස ලබාදෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් එරට නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට ලබන 27 වැනිදා බදාදා රැගෙන ඒමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .

ඉන්දුනීසියානු රජය පරිත්‍යාග කළ රුපියල් රුපියල් කෝටි තිස් හතරක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයද ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා විදේශයන්ගෙන් තවත් පරිත්‍යාග බලාපොරොත්තුවෙන් සිටින බවද සඳහන් කළේ‍ය.

ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා තමා විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් ඒ සඳහා සහාය ලැබෙන්නේ යැයිද චන්න ජයසුමන මහතා කීවේය.

 



අදහස් (6)

රටවල් දෙකකින් තවත් ඖෂධ පරිත්‍යාග

Lalla Saturday, 23 April 2022 09:35 AM

ව්‍යාජ දේශප්‍රේමය අවුස්සා බලය අල්ලාගෙන රට හිඟමනට ඇද දමා ඒ මදිවට ලෝකය ඉදිරිපිට දන්වන්න සිද්ධ කළ මහින්ද ප්‍රමුඛ රාජපක්ෂ පරපුර පාලනයෙන් ඉවත් කරගන්න අපේ පාර්ලිමේන්තුවට බැරි ඇයි? මේ තරම් ගැති මොකද? නිවට මොකද?

:       17       19

ransiri Saturday, 23 April 2022 09:37 AM

මහාචාර්ය පට්ටම තිබුණට වැඩක් තියෙනවද? කෙටි කාලෙකින් රට බංකොලොත් වෙනකම් නිහඬව බලාසිටීම..

:       12       14

Soma dubai Saturday, 23 April 2022 10:31 AM

පොතේ දැනුම තිබුණාට සාමාන්‍ය දැනුම නැහැ.

:       6       15

ගමේ එකාලාSaturday, 23 April 2022 07:21 PM

ඒක හරි. සාමාන්‍ය දැනුම, ලැජ්ජාව කියන දේවල් ගෑවිලාවත් නැහැ.

:       0       0

Sunil Saturday, 23 April 2022 11:33 AM

අපි දැන් ඉන්දුනීසියාවෙනුත් ඖෂධ හිඟාකන තත්වයට වැටිලා...

:       3       15

duminda Saturday, 23 April 2022 03:11 PM

ඔය ආධාර නෙවෙයි..., හිඟමන්... ලැජ්ජා නැතිව තවත් අල්ලන් ඉන්නවා. අවුරුදු 5න් පෙන්ෂන් එක ගන්න. පුළුවන්නම් ඕක නැතිකරන්න යෝජනාවක් ගේනවා නම් මේ ඔක්කොම දමලා යයි.

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 240 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 761 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1185 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site