(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රශ්නයට උත්තර දීමට බැරිනම් මෙතන 225 දෙනාම අස්වීම් ලිපි දී ගෙදර යමු යයි තමා යෝජනා කරන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළේය.
" මේ ප්‍රශ්නයට තවමත් මෙතනින් හරි උත්තරයක් ලැබුණේ නැහැ. එළියෙ ඉන්න ජනතාවට ඒ ගැන ප්‍රසාදයක් නෑ. මෙතන ඉන්න අයට කන් ඇහෙන්නේ නැද්ද ඇස් පේන්නෙ නැද්ද කියලා අද ඒ අය අහන්නෙ ඒ නිසයි. පාර්ලිමේන්තුව ඉන්නේ ගොබ්බයෝද කියලත් අහනවා. මම දැන් මෙතන යෝජනාවක් කරනවා.
කරන්න බැරිනම් අපි 225 දෙනාම අස්වීම් ලිපිදී ගෙදර යමු."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරිනම් නෙවෙයි... 225ටම කරන්න පුළුවන් එකම දේ කොමිස් ගැහිල්ල විතරක්ම කියා නම් ඔප්පු කරලා හමාරයි. කොහොමත් ඔය කාටවත් රට ගැන කැක්කුමක් නැහැ. තියෙන්නේ තමතමන්ගේ කුට්ටිය තරකර ගැනීමේ හැකියාව පමණයි.
කවදාද යන්නේ... කිරිබත් ටිකක් උයන්න ඕනේ... ඒකයි ඇහැව්වේ..!
ඒ කියන්නේ ජෙප්පෝ තුන්දෙනත් ගෙදර යනවද?
මෙහෙම කිව්වම හරිද? ඇත්තටම විපක්ෂයේ අයට වැඩක් කරන්න තියා තමන්ට හිමි විමධ්‍යගත අරමුදල් පවා නොලැබෙන තත්වයක් යටතේ ඔවුන් මොනවා කරන්නද? ඒ වගේම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නවක මංත්‍රීලා කොහොමත් වැඩක් කරන්න බැරි අයනේ... ඉතින් ඔවුන්ටත් කරන්න දෙයක් නැහැ. ජනාධිපති සියලු බලතල මෙහෙයවද්දී කිසිවෙකුට කොහොමත් වැඩක් කරන්නම බැහැමයි.. ඒ නිසා ජනාධිපතිවරයාට තියෙන්නේ අස්වෙලා යාම හෝ පාර්ලිමේන්තුවේ කැමැත්ත තිබේදැයි විමසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි.. වඩත්ම සුදුසු වන්නේ ජනාධිපති ඉවත්ව යාමයි...!
කිය කියා ඉන්න එපා... අනිත් අයටත් පේන්නත් එක්ක යන්න. ඔබලාට පුළුවන් හොරකම් කරන්න විතරයි...
අනේ යන්නකෝ. කොහෙටද වඳින්න ඕනේ... හොරු රැල දුම්මල ගහලාවත් යවන්න බෑ...
කොහේ කියලා යන්නද..? ගෙදර එනකම් ගමේ මිනිස්සු බලාගෙන ඉන්නේ "බූවළුත්" අතේ තියාගෙන මදි නොකියන්න" සලකන්න". එකෙක් නෑර සම්බෝල හදනවා.
පළමු අස්වීමේ ලිපිය ඔබ විසින් ඉදිරිපත් කළ යුතුයි.
එහෙනං මොකටද උදේ පාන්දරින් කට්ටියම ගිහින් තොග ගණනට පොහොට්ටුවට ඡන්දය දුන්නේ? පොහොට්ටුවේ ඉන්නේ අවශ්‍ය ඕනෑම දෙයක් මවලා දෙන්න පුළුවන් අය කියලා මිනිස්සු හිතන්න ඇති. බලන කොට කිසිම වැඩක් ගැන දැනුමක් තේරුමක් නැති අමුතුම කට්ටියක්නේ. ඡන්දෙ දෙනකොට අතිවිශාල බලයක් නොලැබෙන ක්‍රමයට ඡන්දය දුන්නා නම් ඉවරයි. බොරුකාරයින්ට නොරැවටෙමු...
කිය කිය ඉන්නේ නැතිව ඉල්ලා අස්වෙන්න.
ඉස්සෙල්ලා මේ වයසක දෙන්නා ගෙන එන දෝෂාභියෝගයට අත්සන් කරන්න. එතකොට ප්‍රශ්නවලින් 50%ක් විසඳේවි...