
(ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග)
යාපනය කොඩිකාමම් හි දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් වයස අවුරුදු 12 පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ඇති බව කොඩිකාමම් පොලිසිය පවසයි.
කැබ් රථය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ප්‍රධාන මාර්ගයට ගමන් කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ මුරුගන්කෝවිල අසල , සංගතානෙයි වඩ්ඩුකෝඩ්ඩෙයි යන ලිපිනයේ පදිංචි දයාබලන් ධනුජන් නැමති 12 හැවිරිදි පාසල් සිසුවකු වේ.
කැබ්රථය පදවා ඇත්තේ මියගිය දරුවාගේ පියා වන අතර අනතුරින් එම දරුවාගේ සොහොයුරකුද බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd