(රංජන් කස්තුරි සහ යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
සෙසු ගෑස් සිලින්ඩරවල මිල ද මෙම මිල වැඩිකිරීමට අනුරූපීව ඉහළ යන බව ද ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු කීය.
මෙම මිල වැඩිවීම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ඒ අනුව නව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සුළු මිල වැඩිවීම මිනිස්සුන්ට ටිකක් අමාරු වෙන්න පුළුවන්.., ඒත් අපි ඔක්කොම රජයට සහයෝගය දුන්නොත් තව මාස දෙක තුනකින් මේකෙන් ගොඩඑන්න පුළුවන්...!
මෙයාට නම් හෙණම ගහනවා... දෙයියනේ මිනිස්සු කොහොමද කන්නේ බොන්නේ..? බෝඩින් වෙලා ඉන්න අයට කඩෙන් කන්නේ කොහොමද? මේ මොන අපරාධයක්ද? බැරිනම් දීලා යවන්නකෝ... අපි කොහොමද කන්නේ බොන්නේ...?
අලුත් ඉන්ධන හා බලශක්ති ඇමැති වැඩ බාර ගත්තු ගමන් පෙට්‍රල් 85 කින් (ඉතිහාසයේ දැවැන්තම වැඩිවීම) ගැස් 2500කින්... ඔබතුමා ධීවර වැඩෙත් ඇනුවා. ඔබතුමාට කරන්න බැරිනම් පුළුවන් ඇමති කෙනෙකුට බාරදෙන්න.
මෙහෙම කළාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද?
100% මිල ඉහළ දැමීමක් කිසිසේත් අනුමත කරන්න බැහැ. කිසිම පාලනයක් රජයෙන් නැති බවයි පෙනෙන්නේ...!