(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අටක් ලිපියක් මගින් රජයෙන් ඉල්ලීම් කර ඇත. ඒ මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙසය එමගින් ඉල්ලා ඇත.
එමෙන්ම වෙනසක් ඉල්ලා සාමකාමී විරෝධතාවල නිරත වී සිටින ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින බව එම ආයතන නිවේදනය කර තිබුණි.
එම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අතරට මාස් හෝල්ඩින්ග්ස්,හේමාස් සමූහ ව්‍යාපාරය,ඩයලොග් ඇක්සියාටා සමාගම ,ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය,ජෙට්වින්ග් සමාගම,සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරය,සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය, බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම අයත්ය.
"ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යාවශ්‍ය බදු වැඩකිරීම වැනි ප්‍රතිසංස්කරණ හේතුවෙන් ව්‍යාපාර සහ පුද්ගලයන්ට කෙටි කාලීනව අභියෝගයක් එල්ල වේවි.ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය ක්‍රියා මාර්ගයක් බව අපි විශ්වාස කරනවා .ජනතාව ඉල්ලන වෙනසට අපි සහයෝගය දෙනවා අපි පාලකයින්ට කියනවා ජනතාවට ඇහුන්කන් දීලා ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි මාර්ගයට ගැනීම සඳහා ඉක්මනින් යහපාලන මුලධර්ම මත පදනම්ව නිවැරදි ආර්ථික සහ දේශපාලන ක්‍රියා මාර්ග ගන්න කියල"හේමාස් සමුහ ව්‍යාපාරය පැවසීය .
"සියලු ප්‍රජාවන් එකමුතු වී සාමකාමී විරෝධතා වල නියැලෙමින් ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් ඉල්ලුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට.ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දරුණු ආර්ථික අර්බුදයට සමාන අභියෝගවලට ලෝකයේ තවත් රටවල් මුහුණ දෙමින් සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන්,කුමන රජයක් සිටියත් මේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම අමාරු දෙයක් ඒ වගේම තමයි මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඉතා වැදගත්" සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය පැවසීය.
බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ ජනමතයට එකඟ වන බවත්,සෑම විටම ශ්‍රී ලාංකික ජනතාව සමග සිටින බවත් ප්‍රකාශ කළේය."බ්‍රැන්ඩික්ස් කණඩායමේ හඬට සැමවිටම ඇහුන්කන් දෙන්නා සේ ඒ හා සමානව සාමකාමී සමාජ ව්‍යාපාරවල නිරත වෙමින් තම මතය ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතියට අපි ගරු කරනවා"බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම පැවසීය.
රඹුක්කන සිද්ධිය අසා ඉතා කණසල්ලට පත් වූ බව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය පවසයි.රටේ වත්මන් ජනමතය සමග එකඟ වන බවත් ජනතාව ඉල්ලා සිටින ඉල්ලීම් වලට තිරසාර විසඳුමක් ලබා දීමට නිසි පියවර ගන්නා ලෙසත් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ප්‍රකාශ කළේය.ජනතාවගේ සාමකාමී සමාජ ව්‍යාපාරවලට සහභාගී වීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට අඛණ්ඩව සහය දෙන බවත් දේශපාලනික සහ සමාජීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කිරීම වැදගත් බවත් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකික ජනතාවගේ හඬට ඇහුන්කන් දෙන ලෙස මාස් හෝල්ඩින්ග්ස් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.වත්මන් ආර්ථික සහ සමාජයීය අර්බුදය විසඳීම සඳහා ඉතා ඉක්මනින් වගකීමෙන් ක්‍රියා කළයුතු බවත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දෙන බවත් කල්පවතින වෙනසක් ඇති කරමින් ශ්‍රී ලංකාව වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බව තරයේ විශ්වාස කරන බවත් මාස් හෝල්ඩින්ග්ස් නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
ශ්‍රී ලංකාවේ දිග හැරෙන සිදුවීම් පිළිබඳ දැඩි කණසල්ලට පත්ව සිටින බව ජෙට්වින්ග් සමාගම පැවසීය.දුර්වල පාලනය සහ පටු තීරණ ගැනීම හේතුවෙන් ආර්ථිකයට,ප්‍රජාවන්ට සහ පුද්ගලයන්ට එහි බලපෑම එල්ල වී ඇති බවත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දෙන බවත් ජෙට්වින්ග් සමාගම ප්‍රකාශ කළේය.
ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට සහ සන්නිවේදනයට සහාය දෙන බව ඩයලොග් ඇක්සියාටා සමාගම පවසයි.ශ්‍රී ලංකාවට ක්‍රමානුකූල වෙනසක් අත්‍යවශ්‍ය බවත් ඉහළ මට්ටමේ විනිවිදභාවයෙන් යුත් යහපාලනයක් අවශ්‍ය බවත් නැවත වරක් ශ්‍රී ලංකාවට වෙනදාටත් වඩා ශක්තිමත් ව නැගී සිටීමට හැකියාව ලැබෙතැයි විශ්වාස කරන බවත් ඩයලොග් ඇක්සියාටා සමාගම ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, ඉෂාර නානායක්කාර, සුමාල් පෙරේරා යන අය තාම මොකවත් කියලා නැතුව ඇති...
ධම්මික පෙරේරා, සුමාල් පෙරේරා, අශෝක් පතිරගොඩ මුකුත් කියන්නේ නැද්ද?
වයස යනකොට කන් ඇසීම දුර්වලයි නේද?
කොහොම වුණත් කාලෝචිත ඉදිරිපත් වීමක්. ස්තුතියි..!
මේ සමාගම්වල රාජපක්ෂ පවුලේ කොටස් හිමියෝ ඉන්නවා.
ඇහුම්කන් දෙන්න, කන් දෙකක් තියෙන්න ඕනෑ. මනුස්සයෙක්ගේ දුකක් තේරෙන්න.. හැඟීම් දැනීම් තියෙන්න ඕනෑ. පේන්න, ඇස් දෙකක් තියෙන්න ඕනෑ. ඕවා නැති පාලකයෙක් පත් වුණාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ...
ඕවා ගණන් ගන්නේ නැහැ. මොකද ඒ ගොල්ලෝ දන්නවා මේ සැරේ ගෙදර ගියාම මුළු රාජපක්ෂ ව්‍යාපාරයම එතැනින් ඉවරයි කියලා..., ඒක හින්දා පුළුවන් තරම් අල්ලාගෙන ඉඳලා අපි ඔක්කෝම ඒ අය එක්කම වලපල්ලට ඇදගෙන යන්නයි හදන්නේ...!
රාජපක්ෂ සමාගම තවම දන්නේ නැහැ... බංකොලොත් වෙලා තියෙන්නේ මොනවද කියලවත්...!
මේ හිතුවක්කාර, උද්දච්ච තීන්දු තීරණ නිසාම අද ගොවියා මහමගට ඇද වට්ටා ඇත. මේ අර්බුදයෙන් සියල්ලම ඇති කළේම ගෝඨා, බැසිල්, මහින්ද ඇතුළු චෞර වලල්ලගේ අමන මෝඩ තීන්දු තීරණ නිසාමය. අද මුළු රටම එකම හඬින් මොරදෙන විටත් ආණ්ඩුව ඉල්ලා අස් නොවන්නේ ඇයි? අද එක වේලක් තම දරුවන්ට දීමට නොහැකි දෙමාපියන් පාරට බැස ඇත. ඔවුන්ට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දුන් මේ මිනීමරුවන් එළවා දමමු.. හොරකම් කළ සියලුම දේවල් ආපසු ලබාගනිමු...!
69 ලක්ෂයක ජනමතයට ඇහුම්කම් දීලා තමයි මේ රජය පිහිටුවා ගත්තේ... ජෙප්පෝ ටික කෑගහපු පලියට ආණ්ඩුව දාලා යන්න එපා. අපි විරුද්ධ නැහැ. රට මේ අගාධයට යාමට 1977න් පසු හිටපු නායකයින් සියල්ලම වගකිව යුතුයි. ඒ විතරක් නොවෙයි, රජය පාඩු විඳගෙන දුන් සහනාධාර භුක්ති වින්ද ජනතාවත් වගකිව යුතුයි. රජය පාඩු විඳගෙන තෙල් ලාබෙට දුන්නා. දැන් මිල වැඩි වුණාම උද්ඝෝෂණ. 2014 මහින්ද මහතා රජයේ සේවකයින්ට පඩි වැඩිකළේ රුපියල් 3000කින්.. රනිල් ඒක 10000 ක් කළා. එයාගේ සාක්කුවෙන්ද? නැහැ ජනතාවට බර පටවලා.