(අජන්ත කුමාර අගලකඩ)
විධායක ජනාධිපතිධුරයේ බලතල සීමා කෙරෙන සහ පාර්ලිමේන්තුවට වැඩි බලතල පැවරෙන යෝජනාවක් හෙට (25) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුව වෙනුවෙන් අදාළ යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයිද දැනගන්නට ඇත.
විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කෙරෙන සහ පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඉකුත්දා ප්‍රකාශ කළේය.
මේ අතර ,19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සහ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කෙරෙන යෝජනා ඇතුළත් විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් දෙකක් සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායකවරයා වෙත ඉකුත් සතියේ ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති පුටුවේ දිගටම සිටීමට මහින්ද ලොක්කා කැස කවාගෙන ඉන්න නිසා තමන්ට බලය හා වරප්‍රසාද වැඩිකර ගැනීමට ඔය යෝජනාව උන්නැහේ ඉතා කැමැත්තෙන්ම කරාවි...
ඔය රාජපක්ෂ හැත්ත වර්ගයම සුන්නත්, දූවිලි වෙලාම යන්න වැඩේ කරලා, හොරාකාපු මුදල් රාජසන්තක කරන්න ඕනෑ.