
(ඉන්දිකා රාමනායක)
ඇත් දළකින් නෙළන ලද රැජිනකගේ රුවක් සහිත පිලිමයක් රුපියල් ලක්ෂ 50 ක මුදලකට සමාජ මාධ්‍ය හරහා විකිණීමට තැත් කළ පුද්ගලයකු රත්නපුර පලාබද්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි .
මෙම ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකා මුලතිව් කදවුර ලබාදුන් තොරතුරකට අනුව එම බළකායේ බුද්ධි කොට්ඨාශය නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත .
විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය නිලධාරියකු ගැනුම් කරුවන් වශයෙන් ගොස් ඊ මෙම වැටලීම කළ බව විශේෂ කාර්ය බළකාය පවසයි .
මෙම පිළිමය අඟල් 11 ක පමණ උස, කිලෝ 1 යි ග්‍රෑම් 500ට අධික බරකින් යුතු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පදිංචි 45පුද්ගලයෙකි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd