(නිමන්ති රණසිංහ)
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් පොලිස් කොස්තාපල්වරයකු සමග විකුණූ බව කියන එම අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
මෙම සිද්ධියට අදාළව ගොතටුව පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා හමුවට ඉකුත් 22 වැනිදා ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම කරුණු ඉදිරිපත් කළේය.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 48 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 12 ක් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සැකකරුවෙකු ඉකුත් 21 වැනි දා අත්අඩංගුවට ගත් බවත්, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහුට එම මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ ගොතටුව පොලිසියේ පොලිස් කොස්තාපල් වරයෙකු බවට කරුණු අනාවරණය වූ බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එම සැකකරු මාර්ගයෙන් දුරකථන ඇමතුමක් දී තවත් හෙරොයින් මිලදී ගැනීමට යැයි පවසා පොලිස් කොස්තාපල්වරයා ගොතටුව ප්‍රදේශයේ උද්‍යානයක් අසලට ගෙන්නූ බවත් එහිදී ත්‍රිරෝද රථයක සිවිල් ඇඳුමෙන් පැමිණි සැකකාර පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එම පොලිස් කොස්තාපල්වරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදි ඔහුට මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ භාරකරු විසින් බවට කරුණු අනාවරණය කරනු ලැබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන ඉන්න කෙනෙකුට නේද නීතීඥතුමන්ලා කිහිප දෙනෙක් පෙත්සම් ගොනුකළේ පහුගිය දවසක.