(සුජිත් හේවාජුලිගේ )
එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
" කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න" යැයිද ඔහු සඳහන් කළේය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ මැති ඇමැතිවරුන් සහ පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරුන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී අද (26) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කය සමග මනසද වයසට යාමේදී සිදුවන දේ පිළිබඳව පැවසිය යුතු නැත. ඔව් ඔබට සිටිය හැක. එය මගහැර යා නොහැකි පණිවිඩ කරුවා එනතුරු පමණි. එවිටද හැකි නම් ඔය ලෙසම පවසන්න. ගෞරවය කෙලෙසා ගත්තේ ඔබමයි. අවසානය ඛේදවාචකයකින් පමණක් කෙළවර වන බව නම් පැහැදිලියි.
කමක් නැහැ... දැන් යන්න කාලෙ හරිනේ...
කමක් නැහැ අපි තව අවුරුදු දෙකයි දුක් විඳින්නේ. ඒක බලබල සතුටු වෙන්න..!
ඔයාලට රටකුත් නෑ.. අපට රටකුත් නෑ.. නැත්තටම නැතිකරලා දේශපාලන රැකවරණ අරගෙන මකබෑවිලා යන්න තමයි දඟලන්නේ...
අති විශාල ණය අරගෙන සත පහක්වත් ඩොලර් ආපසු ලබා නොදෙන ව්‍යාපෘති කරලා ඒවා ඔක්කොම නොරට්ටුන්ටම අයිති වෙන්න ඇරලා දැන් ණය ගෙවන්න තියා ළඟදීම කන්න බොන්නවත් නැතිවෙන තරමට මහා විනාශයක් ලඟට ලංකාව ගෙනැල්ලා ඔහොම කතා කරන්නේ හරි සිහි බුද්ධියකින්ද? ඔහොම කිව්වත් කමක් නැහැ.., හම්බන්තොට වරාය, නෙළුම් කුළුණ, පෝට් සිටිය, වගේ ඒවායින් ඩොලර්වත් එනවා නම්. තඹ දොයිතුවක් නැහැ නේද? ඒ මදිවට අපි තව ණයත් ගෙවලා ඒවා නොරට්ටුන්ට ලියලා දෙන්නත් වෙලා. අනාගත රටේ දරුවන්ට හිතලා මතලා රට ගොඩ ගන්නවත් ඉඩක් දෙන්නේ නැද්ද?
මුලු රටේම විතරක් නෙවෙයි, ලෝකයේ ජීවත්වෙන සියලුම ලාංකිකයින් එක හඬින්, එක හෙළාම කියා සිටින්නේ හොරාකාපු සල්ලි දීලා යන්න කියලා, නොයන්නේ බයට. දූෂිත පවුලේ උදවියට සිද්ද වෙන දේ ගැන නොදන්නවා නෙවෙයිනේ...?
මේ පුද්ගලයා දැන් නන්දොඩවනවා. බොළඳ කතා කියනවා.
රටම කාලා තවත් ඉන්න පුළුවන්ද? අපි පාරට එනවා හෙටම..!
මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැවූ ජනතා නියෝජිතයින් ජනතාව ආර්ථික, සාමාජීය වශයෙන් විශාල පීඩාවකට පත්කර තිබියදී විශාල පිරිසක් ඔවුන්ව ජනතාවම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අත්තනෝමතිකව මෙම අවස්ථාවේ කටයුතු කරන්නේ නම් පීඩනයට පත් ජනතාව කෙරෙහි කිසිම හැඟීමක් නොමැති බව දැනේ. අඩ මසකට, අධික කාලයක් පාරට බැස නගන හඬට පාලකයින් සවන් දී ඉවත් විය යුතුයි...
සදහටම ජීවත් වෙන්න හිතාගෙනලු ඉන්නෙ. අනේ වාසනාවන්. චන්ද දුන්න මේ අපි පරලොව යන්නංකො
" කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න" කොන්ද පන තියන විපක්ෂ නායකයෙක් පාර්ලිමේන්තුවේ නැත
මේ අවස්ථාවේ ඔබතුමාට සජිත් ප්‍රේමදාස මහතා අගනා සහයක් දෙනව. ඔබට දිගටම ඉන්න ඒ ඇති.
ඒක හරි, 30 වසරක යුද්ධය අවසන්කරපු මේ අසහාය නායකයා නරි කැ ගැහුවට ගෙදර යන්න ඕනද?
කොහෙද පිස්සන් කොටුවටද
කොහේ කියලා යන්නද?ගිහින් මොනවා කරන්නද?ඔන්න ඔහේ ඉන්න අනේ?
යන්න එපා!! මහින්දව අගමැති කලේ මහජනතාවයි.මහින්ද අත්දැකීම් ඇති රටට ආදරේ දක්ශ පාලකයෙක්. ඔය බලය උදුරා ගන්න හදන කැරලි කරන පාතාලයෝ අතර ඊට සමාන කවුරුත් නැහැ. දුශ්කරතාවයක් ආ වෙලාවේ කී සැරයක් අතීතයේ බලය උදුරා ගත්තාද. අමෙරිකාවටත් මේක තමයි කලේ කොරෝනා ආපු වෙලාවේ.
කලබලයක් නැහැ අප්පච්චී.කැන්දන් යන්න මග එන ගමන්.එතකොට යන්නම වෙනවනේ .අපි නම් බොහොම ගෞරවනීය ලෙස යවන්න හිතන් හිටියේ.අවුරුදු 12 කට කලින්.දැන් නම් කිරිබත් එහෙමත් කයි .නික්ම යාම සිහි කරලා
කක්ක පෝච්චියක් හැලුවා නම් මුලු සර්වාංගෙම නෑ වෙන්න, මිනිහා පන එපයි කියල තනතුර දාලා දුවයි.
දැන් ඉතින් තව ටික දවසකින් පරලෝකෙටම තමයි යන්න තියෙන්නේ
තමුන්ගේ තනතුරින් දැන් මේ රටට කෙරෙන සේවයක් නැති නිසයි මහා ජනතාව යන්න කියන්නේ .ඔය තනතුර සිහි බුද්ධියක් ඇති මිනිහෙකුට දෙන්න
වැඩිය හිතන්න එපා. ඔය වයසට ඕක සාමාන්‍ය දෙයක්...!
කරපු කතාව ඇහුවාම මෙතුමාට බොරු කීමේ විශේෂ හැකියාවක් තිබෙන බව නම් පේනවා. රජය පත්වුණු ගමන් වැටි තිබුණු ආර්ථිකය ගොඩනංවන්න වැඩ පිළිවෙලක් කරාලු, එතකොට ආපු ගමන් ම හිතවත් ව්‍යාපාරිකයන්ට වාසිවෙන විදිහට බදු විශාල ප්‍රමාණයකින් කපා දමා රජයට විශාල අදායමක් නැති කරගත්තේ ආර්ථිකය ගොඩ ගන්නද?
මෙහෙන් ගිහින් උගන්ඩාවේ ඡන්දෙ ඉල්ලුවා නම් උඩින් දිනනවා.
අනේ දැන්ම යන්න එපා.ඔය දියවන්න ඔය සහ පාර්ලිමේන්තුවත් 99 අවුරුදු බද්දකට චීනට ලබලා දීලාම යන්න
තව නිදොස් කොට නිදහස් කරන්න නඩු ඉතුරු වෙලා තියෙනවා නේද?
හරියට හරි. බහුතරයෙන් බලයට ආවානම් බහුතරය පෙන්වලා යවන්න. නැතුව ජෙප්පන්, සජබයන් කෑගැහැව්ව පලියට යන්න එපා. ඔය කට්ටියම තමයි 2020 ඡන්දෙදීත් ඒ ගොල්ලන්ට හිටියේ. 2020 එපා වෙච්චි ජෙප්පෝ, සජබයෝ දැන් හොඳ වෙන්නේ කොහොමද?
කොහොම හිටිය රජෙක්ද? ගෙදර හිටියා නම් මිනිස්සු කොහොම ගරුකරයිද? තණ්හාව තමයි.. කපුටු කාක්..., කාක්, කාක්... පොඩිකාලේ ඉඳලා එකට ඉඳලත් අර කපුටා කොහොම එකෙක්ද කියලා හඳුනාගන්න බැරිවුණානේ මේ ලොකු අයියට...? දැන් ඔබතුමා ගෙදර ගිහින් අර "මන්ධාතු කියන රජතුමාගේ කතාව කියවන්න. එතකොට ඕක දාල යන්න අමරුවෙන එකක් නැහැ.
දුම්මල ගහලාවත් එළවන්න බැරි කෙනෙක්...
ඔබට වඩා බලවත් අය එළියට ඇදලා දැමූ ලෝකේ ඕනෑතරම් ජනතා බලය හෑල්ලු කරන හැටි... එයාව ඇදලා දාමු එළියට.. මෙයාට වෙන්නෙත් ගඩාෆිට වෙච්චි දේම තමයි..
එහෙමද හිතාගෙන ඉන්නේ? ගෙදර යවලා තමයි අපි පස්ස බලන්නේ..? රජ සැප වින්දාට පස්සේ, සිර සැපත් විඳින්න එපායෑ...!
මොන වහසිබස් වැල්බයිලා ගැහැව්වත් යන්නම වෙනවා ළඟදීම... ඒක අනිවාර්යයි. ගිහින් කොහේ නවතීද කියන එකයි සැකේ. සාස්තරයක් එහෙම බලාගත්තා නං හොඳයි. හිරේ විලංගුවේ වැටෙන ග්‍රහ දෝස තියෙනවද කියලා.