(අජන්ත කුමාර අගලකඩ)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී හෙට (29)උදේ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ අද (28)පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ යෝජනාවලියක් ද මෙම රැස්වීමට රැගෙන යාමට එම පක්ෂ නායකයින් තීරණය කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද,නිමල් සිරිපාල ද සිල්වා , දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න ,මහින්ද අමරවීර ,අනුර ප්‍රියදර්ශන යාපා ,සුසිල් ප්‍රේමජයන්ත ,වීරසුමන වීරසිංහ , ජයන්ත සමරවීර ,උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග,ටිරාන් අලස් ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ඩිව් ගුණසේකර යන මහත්වරුද සහභාගි වූහ.