(යොහාන් භාසුර)

වැඩවර්ජන හේතුවෙන් අද (28) පෙරවරුවේ කොළඹට දුම්රිය දෙකක් පමණක් ධාවනය වූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.

එම දුම්රිය දෙක බදුල්ල සහ හලාවත සිට ධාවනය කළ බව කී සෙනෙවිරත්න මහතා සෙසු සියලු දුම්රිය අවලංගු කිරීමට සිදුවූ බව ද සඳහන් කළේය.  

පස්වරුවේ දුම්රිය කීපයක් හෝ ධාවනය කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් පස්වරුවේ දුම්රිය ධාවනය පිළිබඳව නිෂ්චිතව කිවනොහැකි බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය. 

(ඡායාරූප: හිමත් මතීෂ)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)