(ඉන්දිකා රාමනායක)

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ සහ ඊට අණ දුන් නිලධාරීන් අල්ලන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම්දුන්නේය.  

රඹුක්කන දී ඉකුත් 19 වැනි දා පැවැති විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා අණ දුන්  පොලිස් නිලධාරින් හා වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කළ නියෝගය අද පොලිස්පතිවරයාට ලැබීමෙන් පසු එම නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි පොලිසිය දැනුම් දී ඇත.

මෙම සිද්ධියෙන් 41 හැවිරිදි දෙදරුපියකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලදහ.