IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


මාතර විරෝධයටත් මහ සෙනගක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කරමින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද (28) මාතර නගරයේ දී පැවැත්විණි.

ඉතිහාසයේ මේ දක්වා මාතර නගරයේ විරෝධතාවයකට සහභාගී වු වැඩිම පිරිස එය බව පොලිස් බුද්ධි අංශ පෙන්වා දෙයි.

මාතර  නීතිඥ සංගමයේ සභාපතිනී ප්‍රියානි රත්නායක මහත්මිය ඇතුළු මාතර අධිකරණ සංකීර්ණයේ නීතිඥ මහත්ම මහත්මීන් උදෑසන 9.30 ට පමණ මාතර සනත් ජරසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිට ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණ විරෝධතාවය ආරම්භ කළ අතර ඊට බැංකු නිලධාරීන්ද එක්ව සිටියහ.

පසුව රුහුණ විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිතිවල අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා මහා ශිෂ්‍ය සංගමය වැල්ලමඩමේ සිට විරෝධතා පා ගමනකින් මාතර නගරය වෙත පැමිණියේය.

ග්‍රාම නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන්,ගුරු,විදුහල්පති,ජල,විදුලි,සෞඛ්‍ය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් තවත් විරෝධතා ව්‍යාපාරයක් මාතර නූපේ මංසන්ධියේ සිට ගාලු පාර ඔස්සේ මාතර නගරයට ළඟා විය.

මේ නිසා මාතර නගරය එකම හිස් ගොඩක් බවට පත්ව තිබු අතර මාතර- කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණි.

ගාලු පාරේ එක් මංතීරුවක් විරෝධතාකරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම අවහිල වී තිබු නිසා පොලීසිය එක් මංතීරුවකින් වාහන ගමනාගමනය සිදු කිරීමට පියවර ගත්තේය.

මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් ද පාසල් වලට නොපැමිණීම නිසා පාසල් පාලුවට ගොස් තිබුණේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු  විය.එහෙත් මගීන් නොමැති වීම නිසා බස් ගමන් වාර ගණනාවක් අවලංගු කෙරිණි. සාමාන්‍ය සේවා පුද්ගලික බස් රථ ධාවනයේ විශාල අඩුවක් දැක ගත හැකි විය.ලංගම බස් රථ වැඩි පුර ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි.

 



අදහස් (1)

මාතර විරෝධයටත් මහ සෙනගක්

උදය Thursday, 28 April 2022 04:09 PM

අරගලයට ජය වේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site