(යොහාන් භාසුර)

කොළඹ වරාය ඇතුළු සමස්ත වරාය පද්ධතියේ කටයුතුවල දැන් ක්‍රියාත්මක වැඩ වර්ජනය සැළකිය යුතු බලපෑමක් කර ඇති බවත් එසේවුවද කොළඹ වරායේ කටයුතු බාධක මධ්‍යයේ ක්‍රියාත්මක බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (28) පස්වරුවේ පැවසීය.

වරාය සේවයන් රැසක් ද වැඩවර්ජනයට සහය දක්වමින් නිවාඩු දමා සේවයට වාර්තා කර නොමැති බව කී එම නිලධාරියා අපහසුතාව මධ්‍යයේ සේවයට වාර්තා කළ සේවයන්ගෙන් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.