
(විමුක්ති සංජය පෙරේරා)
ආණ්ඩුවට එහෙිව රිදීමාලියද්ද වෙළෙද සංගමය සහ ත්‍රීරෝද රථ සංගමය එක්ව රිදීමාලියද්ද ආදාඋලපත මංසිධියේදි අද සවස පැවැති විරෝධතාවකට සහභාගී වූ පුද්ගලයකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
විරෝධාතාකරුවන් රිදීමාලියද්ද ප්‍රාදේශිය සභාව ඉදිරිපිටට පැමිණ ප්‍රාදේශිය සභා මාර්ග හරහා ආදාඋල්පත පොළ භුමියට ඇතුලුවි ඉන් අනතුරුව පොළ භූමිය හරහා විරෝධාතාකරුවෝ නැවත ආදාඋලපොත මංසංධියට පැමිණියහ.
ඒ අවස්ථාවේ ප්‍රාදේශිය සභාවේ කිසියම් පුද්ගලයකු විරෝධතාවය විඩියෝකර ඇති අතර විරෝධතාවය නිමාකර පසු විඩියෝ කළේ ඇයි දැයි විමසීමට යෑමේදි රිදීමාලියද්ද සභාපති නිශාන්ත ජයසුන්දර මහතා ඇතුලු පිරිසක් ඔවුන්ට පහර දුන්නැයි පවසා නැවත විරෝධාකරුවන් ප්‍රාදේශීය සභාව වටලා සභාපති අත්අඩංගුවට ගන්නැයි බලකරමින් නැවත විරෝධතාවයේ නිරතවූහ.
සභාපතිවරයා ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක්වු විරෝධතා කරුවන් දෙදෙනකු රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශිය රෝහලේ ප්‍රථිකාර ලබයි
රිදීමාලියද්ද සභාපති වරයා පැය එකහාමාරක පමණ කාලයක් සභාව තුළ සිරවි සිටි අතර රිදීමාලියද්ද, මහියංගණ ,ගිරාදුරුකොට්ටේ යන පොලිස් ස්ථාන තුනකින් පැමිණි නිළධාරින් පිරිසක් සභාපතිවරයා පොලිස් බාරයට ගෙන පොලිස් ජිප් රියට නන්වාගැනිමට යාමේදි විරෝධාතාකරුවන් සභාපති වරයාට පන්නා පන්නා පහර දී ඇතැයි කියැවෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන බලය.. දැන් තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය අත්විඳින්නට ආරම්භ කළේ. ඔහොම යමු. තව ටික කලකින්ම ඡන්දේ ඉල්ලන්න එවුන් හොයන්න කැන්වසින් යන්න වෙනවා පක්‍ෂවලට. එතෙක් කල් ගරු කියන කෑල්ල දේශපාලුවන්ගේ නම්වලින් ඉවත්කර නමින් ඔවුන්ට ඇමතීම කළ යුතුයි. පුද්ගලික අංශයේ ආයතනවල මෙය දැනට පවතින ක්‍රමයයි.