(අංජුල මහික වීරරත්න සහ චමින්ද වැවතැන්න)

ජීවත් වන්නට අයිතීන් ඉල්ලා හඬ නැගූ රඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ බඩට සන්නද්ධ පොලිස් භටයන් වෙඩි තබා ඝාතනය කළා සේ ආණ්ඩුව ද රටේ ජනතාවගේ බඩට ආර්ථික වශයෙන් පහර දෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා රඹුක්කන සත්‍යග්‍රහයේ දී පැවසීය.

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් පොලිස් නිලධාරීන් අධිකරණ නියෝග පරිදි වහා අත්අඩංගුවට ගත ගත යුතු බව ද එජාප නියෝජ්‍ය නායකයා එහිදී අවධාරණය කළේය.

රඹුක්කන උද්ඝෝෂණයේ දී නිරායුධ ජනතාවට වෙඩි වෙඩි තැබීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය රඹුක්කන නගරයේ දී සංවිධානය කළ මෙම  සත්‍යග්‍රහය "ඒ වෙඩි තිබ්බෙි හැමෝටම" නිරායුද ජන අරගලයේ මරණයට සාධාරණය ඉටු කරනු!යන තේමාවෙන් පැවැත්විණි.

වෙඩි තැබීම  සිදු වූ ස්ථානයේ දී පහන් දැල්වීමක්ද සිදු  කෙරුණි.

(ඡායාරූප: ඩික්සන් වසන්ත)