(අමිල සම්පත් ශ්‍රී)

ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා පැවැති නිර්පාක්ෂික විරෝධතා මාලාවට සමගාමීම දෙබරවැව නගරයේ පැවැති විරොධතාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඔවුන්ගේ පක්ෂයට සම්බන්ධ දැන්වීමට ප්‍රදර්ශනය කිරීමත් සමග ඊට එක්වූ පිරිසක්  ඊට විරෝධය දැක්වීමත් සමග උණුසුම්කාරි තත්ත්වයක් ඇති විය.

රාජ්‍ය සේවකයන් සහ සමාජ මාධ්‍ය ජාලාකරුවන් මෙන්ම මහනාහිමිවරුන් සම්බන්ධ කරගනිමින් පක්ෂ පාට භේදයකින් තොරව විරෝධතාව පවත්වාගෙන යාමේදී එම අවස්ථාවට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ පිරිසක් ඔවුන්ගේ බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළහ.

එම අවස්ථාවේ රාජ්‍ය සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය .පසුව ජනතා විමුක්ති පෙරමුණේ සටන් පාඨ ලියූ එම බැනර් ඉවත්කර විරෝධතා කරුවන් තම විරෝධය ආරම්භ කළේය .