
(ටී.කේ.ජී.කපිල )
"ජනමතයට හිස නොනමන , මිනීමරු ජනපීඩක ආණ්ඩුව පන්නමු ! ජනතා සටන දිනවමු යන්න තේමා කර ගත් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් අද (28 ) කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිට දී පැවැත්වේ.
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර එයට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන දහස් ගණනක සේවක සේවිකාවො සහභාගී වී සිටියහ.
ඔවුන් අද දින තම කර්මාන්තශාලා තුළ සේවය නොකරමින් මෙම විරෝධතා ව්‍යාපාරයට එක් වී සිටියහ.මෙම පිරිස විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවට සම්බන්ධ වී සිටියහ . සවස 5 පමණ වනතුරු මෙය පැවැත්වෙයි . මොවුන්ගේ මෙම විරෝධතා ව්‍යාපාරයට සහාය දැක්වීමට කටුනායක ඇවරිවත්ත නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා තිබේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd