(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)

බත්තරමුල්ල දියත උයන ඉදිරිපස සත්‍යග්‍රහයක නිරත ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිතගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර සහ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහත්වරු අද (28) එම ස්ථානයට පැමිණියහ.

මෙහිදී ගොවීහූ මුහුණ පා ඇති ගැටළු පිළිබඳ සංදේශයක් අමාත්‍යවරයාට භාරදුන්හ.

ඒ අනුව, ගොවීන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.