(ඉන්දිකා රාමනායත)
ආණ්ඩුවට විරෝධය දක්වමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ විසින් අද (28) ක්‍රියාත්මක කර ඇති එක් දින වර්ජනය හේතුවෙන් පෑලියගොඩ මැණින් වෙළෙද පොළට හා දිවයිනේ කිසිදු ආර්ථික මධ්‍යස්ථ වෙත කිසිදු එළවළු ලොරියක් නොපැමිණි බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථානය සහ මැනිං වෙළෙඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා පවසයි.
දඹුල්ල, කැප්පෙටිපොළ, තඹුත්තේගම, නුවරඑළිය, වේයන්ගොඩ, නාරාහේන්පිට, මීගොඩ , ඇතුලු කිසිදු ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලොරි නොපැමිණ බවද හෙතෙම සඳහන් කළේය.
වර්ජන හේතුවෙන් අද දිනයේ ආර්ථික මාධ්‍යස්ථාන වෙත එළවළු රැගෙන නොයන ලෙසට ගොවීන් කල්තියා දැනුවත් කර තිබු බවද හෙතෙම කීය.
මේ අතර මැනිං වෙළෙඳ පොළේ එළවළු ඇතුලු සියලුම වෙළෙඳ සැල්ද අද දිනයේ වසා දමා තිබු බවද හෙතෙම කියා සිටියේය.
මැනිං වෙළෙඳ පොළට දිනකට එළවළු ලොරි 200 ට අධික ප්‍රාමණයක් පැමිණෙන බවත්, මැනිං වෙළෙඳ පොළෙන් එළවළු මිළදී ගැනීම සදහා ලොරි, ත්‍රිරෝද රථ ඇතුලු වාහන 1300 ට අධික ප්‍රමාණයක් පැමිණෙන බවත්, අද දිනයේ එම කිසිදු වාහනයක් නොපැමිණ බවද හෙතෙම සඳහන් කළේය.
වෙනත් දිනවල දහස් ගණනින් ජනතාව ගැවසෙන මැනිං වෙළෙඳ තුළ අද දිනයේ පිරිස් නොමැති වීම නිසා දැඩි පාලු ස්භාවයක් දක්නට ලැබුණු බවද නිමල් අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd