IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සජබ පාගමන තෙවැනි දිනයේ ගලිගමුවෙන් ඇරඹේ

( නිමල කොඩිතුවක්කු සහ චමින්ද වැවතැන්න )

ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව මහනුවරින් ආරම්භ කළ  පා ගමනේ තෙවැනි දිනය ගලිගමුව නගරයේ ආරම්භ වුණේ පළමු සහ දෙවැනි දිනයේ සිටි පිරිස ඉක්මවා යන අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිවය.

අද උදෑසන 9.30ට පමණ ගලිගමුව නඟරයේ පැවති  කෙටි උත්සවයකින් අනතුරුව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පා ගමන ආරම්භවිය.

විරෝධතා පාගමනට සහයෝග දැක්වීම සඳහා ගලිගමුව  නගරයට  විශාල පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාවට එක් වූ ජනතාවට නොදෙවනි ජනතාවක් මග දෙපස රැස්වී විරෝධතා කරුවන්ට සහයෝගය පළකරනු දක්නට ලැබිණ.

විරෝධතා පා ගමන සඳහා ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් කොළඹ නුවර  මාර්ගයේ  ගමනා ගමන කටයුතු සඳහාද  බාධා එල්ල විය.

ගලිගමුව නගරයට  රැස්වූ විරෝධතා කරුවන්  “රටේ ජනතාව තෙල් පොලිම්වල, රජ පවුල සැප නින්දේ , පොලිම්වල අපි යනවා, කොමිස් කුට්ටි රජවෙනවා “කාගෙද මේ බලවේගේ ජනතාවගේ බලවේගේ”  ගෝඨා ගෝ හෝම්” රට විනාසයි දැන් ඇති, ජනතාවට විනාසේ ආණ්ඩුව සිනාසේ, ජනතාව ගින්දරේ ආණ්ඩුව මන්දිරේ, ජනතාවට ඇපත් නෑ ආන්ඩුවට වගක් නෑ, රට වලපල්ලට ගොවියා මහපාරට, උන්ට සැප රථ ගොවින්ට ඇප නැත, පිස්සො රජවෙලා වැසියෝ නැතිවෙලා, වැඩබැරිනම් ගෙදර යන්න, සෞභාග්‍යයේ දැක්ම කොහොමද?, දැන් සැපද, බෙහෙත් නෑ, හාල් මිල සැපද, සිමින්ති මිල සැපද, ආදී විරෝධතාපුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතා පා ගමන නිරත විය.
ජනාධිපති, අගමැති ඇතුලු ආණ්ඩුවේ ප්‍රධානීන්ලේ නම් සඳහන් මිනීපෙට්ටි කිහිපයක්,  මල්වඩම්,  හිස් පිගන්,  ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ අනුරෑප, ගෑස් ටැංකි, හාල් උර, සාඨකයක් පැලදූ විශාල කපුටෙකු  ආදිය ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ ගමන් කළහ.

විරෝධතාවය සඳහා විශාල පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබුනේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රදානී හරින් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, ගයන්ත කරුණානයක, රාජිත සේනාරත්න, කබීර් හෂිම්,  ජේ.සි. අලවතුවල, බුද්ධික පතිරන, හෙක්ටර් අප්පුහාමි, වඩිවෙල් සූරේෂ්,  හේෂා විතානගේ, අශෝක් අබේසිංහ, එස්. එම් මරික්කාර්, මනූෂ නානායක්කාර, නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන,  මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුනා, සුජිත් සංජය පෙරේරා  යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියහ.

සමගි තරුන බලවේගය, සමගි වනිතා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, සිවිල් සංවිධාන, ඇතුළු සංවිධාන රැසක නියෝජිතයන් මේ සදහා එක්ව සිටියහ.



අදහස් (1)

සජබ පාගමන තෙවැනි දිනයේ ගලිගමුවෙන් ඇරඹේ

නිර්මාල් Thursday, 28 April 2022 04:33 PM

ඒත්, හෙමින් සීරුවේ පුරවැසි අරගලයට හේත්තු විය නොහැකියි. පවුල් දේශපාලනයට දැන් ඉඩ නැත. මෙතැන පාඨලී චම්පික නැත. හර්ෂ ද සිල්වා ඇත. අනෙක් අයගෙන් වැඩක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site