(අංජුල මහික වීරරත්න)
ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ලංකා ආර්ථිකය මුහුණ දී සිටින්නේ යැයි ද මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) පැවසීය.
කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහී තිබෙන බව කී වික්‍රමසිංහ මහතා ඩොලර් හිඟය,ආදායම් අඩුවීම,වියදම් වැඩි වීම මෙන්ම දරාගන්න බැරි ණය බර ප්‍රධාන ප්‍රශ්න බව කීය.
දරාගන්න බැරි ණයට ඇතුළත් වන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙන අතර ඉන් ප්‍රධාන කාරණය වන්නේ මෙරට සංස්ථා ණය බර බවත් විදුලි බල මණ්ඩලය 2021 දී බිලියන 79 ක පාඩුවක් ලබාගත් බව විදුලිබල ඇමතිවරයා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර පාඩුව මීටත් වැඩි බව ඇතැම් අය ප්‍රකාශ කරන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.විදුලිබල මණ්ඩලය මේ වසරට බිලියන 100ක පාඩුවක් ලැබෙන බව ප්‍රකාශ කර ඇති අතර එක විදුලි ඒකකයක් සඳහා අයකරන්නේ රුපියල් 17ක් වන නමුත් වියදම රුපියල් 53ක් බව සඳහන් කර ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඔයා ආවොත් විදුලි බල මණ්ඩලය විකුණනවද? වහෙන් ඔරෝ නැතිව කෙළින් කියන්න...!
ඒ කියන්නේ තව මාස 02කින් ගැලවිලා වැටෙයිද? ඔහොම දිගටම පස්සෙන් යන්න ... අහුලා ගන්න පුළුවනි.
මේ ඉරණමට ඔබත් වගකිව යුතුයි. 2015 ශ්‍රී ලාංකිකයා ඡන්දය දී ඔබ විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ වැරදිකරුවා තෝරා ගත්තේය. ඔහු MR ට එරෙහිව පොදු අපේක්ෂකයෙකු ලෙස තරඟ කළේය. අසරණ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් ජයග්‍රහණය කර දින දෙකකට පසු මෛත්‍රී විපක්ෂ දේශපාලන පක්ෂයේ නායකයා බවට පත්විය. ඒකට විරුද්ධව ඔබ මොනවද කළේ? ඔබ ලස්සනට කතා කරනවා මිසක් නිවැරදිව ක්‍රියා කරන්න දන්නේ නැහැ. රනිල් ගෝ හෝම්... එජාපයෙන් හා පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න.
ඔබතුමාව පන්නලා කරගත්තු හරිය හොඳටම ඇති... නූගත් කෙනෙක්ට නම් එජාපය දෙන්න නම් එපා.. වැදගත් වෙන්නේ නිවැරදි දේශපාලන හා ආර්ථික දැක්ම පමණයි.