“ලබන අප්‍රේල් වන විට ආර්ථික අර්බුදය වැඩි විය හැකියි’’ වත්මන් රජය ජාත්‍යන්තර වශයෙන් රට නිසියාකාරව හැසිරවීමක් නොකළ නිසා මේ වනවිට කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැසී යන තත්ත්වයට පත්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 29 September 2021
ක්‍රිකට් ක්‍රීඩක සචිත්රගේ වත්කම් වාර්තාව සී.අයි.ඩී.යට ක්‍රිකට් තරග මුදලට පවාදීමට යෝජනා කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සචිත්ර සේනානායකගේ වත්කම් වාර්තාව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) නීති විරෝධි වත්කම් විමර්ෂණ ඒකකයට යොමු කළේ යැයි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 29 September 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන 4වැනිදා යළිත් රැපිඩ් ඇන්ටිජන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබන 4 වැනිදා අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තවත් වටයක් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 29 September 2021
මන්නාරම ප්‍රා.සභාපති නම් කිරීමේ ගැසට්ටුව නිකුත් කිරීම අත්හිටුවයි පුරප්පාඩුව පවතින මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු නම් කරමින් ලබන මස 27 වනදා තෙක් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් උතුරු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත අද ( 29) නියෝගයක් නිකුත් කළේය. 29 September 2021
චීන කාබනික පොහොර ආනයනය නවත්වයි මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 29 September 2021
පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට තොරතුරු තාක්ෂණය දියුණු වර්තමාන ලෝකයේ පළාත් පාලන ආයතනවලින් සපයන මහජන සේවා ස්මාර්ට් ජංගම දුරකතනයකින් ඉටු කරගැනීමේ අරමුණින් සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කරන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 29 September 2021
බඹරු ඇනීමෙන් සිව් දරු මව මරණයට මුන්දලම කන්දතොඩුවාව ගම්මානයේ බඹර ප්‍රහාරයකට ලක්වු සිව් දරු මවක් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන අතර තුර මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි. 29 September 2021
කෝකිලායි සිංහල විදුහලේ සිසුවියක් පළමුවරට සාපෙළ ජයගනී මුලතිව් කොකිලායි රජයේ පාසලේ ප්‍රථම වතාවට සිසුවියක අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇතැයි විදුහල්පතිනී සුජිවනී ප්‍රනාන්දු කන්යසොයුරිය පැවැසුවාය.කෙ 29 September 2021
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 September 2021
කන්ටේනර් නිදහස් කරගන්න මහ බැංකුව ඩොලර් මිලියන 50 ක් දෙයි ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා වශයෙන් ඩොලර් මිලියන 50 ක් රාජ්‍ය බැංකු දෙකකට නිකුත් කළ බව මහ බැංකුව පවසයි. 29 September 2021
අතරමං වූ සෝමාලියා ධීවරයන් සිවු දෙනකු බේරා ගැනෙති සෝමාලියානු ධීවරයන් සිව්දෙනකු ගැඹුරු මුහුදේ අතරමංව සිටියදී බේරුවල ධීවරයන් පිරිසක් විසින් බේරාගෙන ඇති අතර , ඔවුන්ගෙන් දෙදෙනකු බීනු 5 බහුදින ධීවර යාත්‍රාවෙන් බේරුවල ධීවර වරායේ ධීවර යාත්‍රා මධ්‍යම වැඩපොල අංගනය වෙත රැගෙන එන ලදී . 29 September 2021
ගුවන් මගින්ට ලබන 1 වැනිදා සිට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් මෙරට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ලබන පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. 29 September 2021
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් වැළඳී මිය යයි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) පස්වරුවේ මියගියේය. 28 September 2021
රජය සහල් සමිති යෝජනා ප්‍රතික්ෂේප කරයි සහල්වලට සම්බන්ධ එක සමිතියක් යෝජනා කළ සහල් මිල රජයට පිළිගත නොහැකි බවත් රජය සද්භාවයෙන් පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමට උපරිම මිල ඉවත්කිරීම කිසියම් පාර්ශවයක් වැරදි ලෙස පාවිච්චි කරන්නේ නම් අනිවාර්යෙන්ම රජය ඊට මැදිහත් වන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට අද (28) පස්වරුවේ පැවසීය. 28 September 2021
නොමිලේ දෙන ඖෂධ මංජුසාව පළමුව අගමැතිට කොරෝනා වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අද (28) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය. 28 September 2021
ශාන්ති කර්මයක් මුවාවෙන් ලක්ෂක 10 රන්වලට විද්ද යකැදුරා මාට්ටු විශ්ව බලයෙන් රෝග සුව කරන මහා බලයක් ඇතැයි පවසමින් පුරා පැය හයකට ආසන්න කාලයක් නිවසේ විදුලිය විසන්ධි කර කෝටිපති ව්‍යාපාරික නිවැසියන් මුලාකර රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපල වංචා කළ යකැදුරකු බව කියන පුද්ගලයකු පන්නිපිටිය ඇරැව්වල දි අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 28 September 2021
දේශීය දේ රැක ගන්න පාරම්පරික වෛද්‍ය සභාව ආදිවාසීන් සමග එක් වෙයි ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව මෙරට ආදිවාසීන් සමග එක්ව දේශීය වී වගා කිරීම ඇතුළු දේශීය අනන්‍යතා රැසක් සුරක්ෂිත කිරීමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් එකඟතාවය පළ කළේය. 28 September 2021
ලංකා සහල් නිෂ්පාදකයෝ සහල්වලට පාලන මිලක් ඉල්ලති රජය මුහුණ පා සිටින ඩොලර් අර්බුදය හමුවේ සහල් ආනයනය කිරිම වහාම නතර කර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන ලෙසත් පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීමට තමන් සතුව පවතින ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අද පැවැසීය. 28 September 2021
මෙරට හදවත් රෝගී දරුවන්ට ඉන්දියාවේදී නොමිලේ සැත්කම් හදවත් රෝගී මෙරට දරුවන්ට ඉන්දියාවේ කෝචි හි පිහිටි අම්රිතා රෝහලේ දී (අම්රිතා වෛද්‍ය විද්‍යා ආයතනය) නොමිලයේ සැත්කම් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 28 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 642ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 642 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 September 2021
යුරෝපා සංගම් නියෝජිතයන්ගෙන් සුබ පණිවුඩයක් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලබා දිය හැකි සහන සම්බන්ධයෙන් ධනාත්මකව කටයුතු කරන බව යුරෝපා සංගමයේ නියෝජිතයෝ පිරිසක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට දැනුම් දුන්හ. 28 September 2021
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ සහායක ඉංජිනේරුවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය. 28 September 2021
විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කරයි සියලු විශ්ව විද්‍යාල ලබන නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 28 September 2021
වරායෙන් සීනි කන්ටේනර් 81 ක් සතොසට සීනි ආනයනය තහනම් කිරීම නිසා වරාය අධිකාරිය බාරයේ තිබෙන සීනි කන්ටේනර් 81 ක් ලංකා සතොසට ලබාදීමට තීරණය කර ඇති බවත් එම කන්ටේනර් තුළ සීනි මෙටි්රක්ටොන් 2000 කට අධි ප්‍රමාණක් ඇති බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 28 September 2021
කොවිඩ් මරණ 55ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 September 2021
නාගරික මන්ත්‍රී මොහොමඩ් රම්සිට ඇප කොළඹ නගර සභාවේ නාගරික භාණ්ඩාගාර නිලධාරිනියට සාපරාධී බිය ගැන්වීමක් සිදුකර අඩන්තේට්ටම් කළැයි කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් රම්සි මහතා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර්. බණ්ඩාර නෙලුම්දෙණීය මහතා අද (28) නියෝග කළේය. 28 September 2021
සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කළේ පාරිභෝගිකයා-ගොවියා ආරක්ෂා කරන්නයි සහල් මිල පාලන ගැසට් නිවේදනය අවලංගු කිරීමේ අරමුණ පාරිභෝගිකයන් සහ ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 28 September 2021
මන්නාරමේ ප්‍රා.ස සභාපති ඉවත් කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලයි මන්නාරම ප්‍රාදේශීය සභා සභාපති ධූරයෙන් තමා ඉවත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ෂාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් මහතා අභියාචනාධිකරණයට හමුවේ අද ( 28) රිට් පෙත්සමක් ගොනු කළේය. 28 September 2021
මාධ්‍ය නිදහසේ තරම රංගේ බණ්ඩාර කියයි ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමෙන්ම රටේ මාධ්‍ය නිදහසට උරුම වී තිබෙන තත්ත්වය තේරුම් ගත හැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) පැවසීය. 28 September 2021
“පක්ෂය කිව්වොත් වයඹ මහ ඇමැතිකමට තරග වදිනවා’’ පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවැසීය. 28 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026