(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික අර්බුදය නිසා වැඩි ආදායම් සොයා ගැනීමේ අරමුණින් මෙරටින් විදේශයන්ට නීති විරෝධී ක්‍රම මඟින් පැන යෑමද සියයට 30කින් පමණ වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති.
විශේෂයෙන්ම මුහුදු මාර්ගයෙන් මෙම පැනයෑම සුලභව සිදුවන හෙයින් බොහෝ මුහුදු කලාපයන්හි නාවික රැකවල් මෑතක සිට තවත් වැඩි කර ඇතැයි නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඒ සම්බන්ධයෙන් මේ දිනවල නිරන්තර සෙවිල්ලෙන් පසුවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
ආර්ථික ප්‍රශ්නය නිසා විශේෂයෙන්ම උතුරේ ප්‍රදේශවලින් ජනතාව ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලට හොර රහසේ පැන යෑමද ශීඝ්‍රයෙන් වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
පසුගිය කාලයේදී උතුරේ පුද්ගලයන් දෙසීයකට ආසන්න පිරිසක් මේ ආකාරයට ඉන්දියාවට පලා ගොස් ඇති අතර කිහිපදෙනෙක් එසේ පැන යෑමට උත්සාහ උත්සාහ දැරූ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙලෙස පැන යෑම සඳහා සමහර පුද්ගලයන් විවිධ බහුදින ධීවර යාත්‍රා යොදාගෙන ඇතැයි පැවසෙන අතර මේ හේතුවෙන් එම යාත්‍රා සම්බන්ධයෙන්ද මේ දිනවල විශේෂ සෝදිසියකින් පසුවන බව ආරක්ෂක අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම ජීවිතයත් පරදුවට තියලා මේ මිනිස්සු මෙහෙම හරි රටින් පැනගන්න හදන්නේ එදාමෙදා තුර සිටි අපේ පාලකයින්ගේ ක්‍රියාවල ප්‍රතිඵල නිසයි. ඔවුන්ට රටේ ඉන්න හැකියාවක්වත් නැත්නම් අඩුම තරමේ තමන් කැමැති දිහාවකට ගිහින් ඉන්නවත් දෙන්න..
මේ රට යන අයට යන්න දීපල්ලා...!
ඉන්න හිතෙන රටක් හදපු එකේ ප්‍රතිඵල තමයි ඒ ඉතින්.....
හොරෙන් හෝ නීත්‍යානුකූලව රට හැර යන්නේ මේ රටේ ජීවත්වීම අසීරු නිසයි. පාලකයින් රට කා දමලා තියෙනකොට මිනිසුන් රට හැරයාම වළක්වන්න බැහැ.
ලංකාවේ අය විතර ඉරිසියා කාරයින් ලෝකයේ කොහෙවත් නෑ. ඉන්දියාවේ මොන ක්‍රමයකින් හෝ ඉංජිනේරුවන් බිහිකර පිටරටට පටවලා මුදල් හොයනවා. ඉන්දියාව A/L යාන්තම් පාස් අයට Bachelor of Engineering උපාධිය දීලා රටපටවලා මුදල් ඒ රටට ගලාගෙන එනවා. අපේ එවුන්ට ඒ චානස් එක ලංකාවේ එවුන් දෙන්නේ නැහැ. හොරෙන් හරි ගිහිල්ලා ලංකාවට නේද කීයක් හරි එවන්නේ...? නාවික රැකවල් වැඩිනොකර ඒ අයව පිටමන් කරලා කීයක් හෝ ලංකාවට ගෙන්වා ගනිව්. මේ වගේ කාලකණ්ණි ජාතියක් මේ ලෝකේම නැහැ. අනිත් එකාගේ පාර වහන එකමයි දන්නේ...